2023 මාර්තු 19 වන ඉරිදා

ෆ්‍රෙඩී සුළි කුණාටුවෙන් මලාවියට බර හානි!

 2023 මාර්තු 19 වන ඉරිදා, පෙ.ව. 06:00 107

දකුණු මලාවි හරහා හමා ගිය ෆ්‍රෙඩී නිවර්තන කලාපීය සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයින් 200ට වැඩි පිරිසක් මියගොස් ඇති බව වාර්තාවේ. බදාදා වනවිට අවම වශයෙන් 584 දෙනෙකු තුවාල ලබා ඇති අතර රට තුළ පුද්ගලයින් 37 දෙනෙකු අතුරුදහන් වී ඇති බව වාර්තා විය. සුළි කුණාටුව නිසා ඇති වූ ධාරානිපාත වර්ෂාවෙන් සමහර ප්‍රදේශයන්හි ළමයින් පවා මියගිය බව වාර්තා විය.  

ෆ්‍රෙඩී සුළි කුණාටුවෙන් පසු ඇදහැලුන අධික වර්ෂාව හේතුවෙන් ගංවතුර හටගත් අතර මාර්ගද කැඩී බිඳී ගියේය. පාලම් ගණනාවක් කැඩී තිබුණි. හාත්පස සියල්ල වැසී ගොස්  දෘශ්‍යතාව ශුන්‍යයට ආසන්න වී තිබුණි. විදුලිය විසන්ධි වී තිබූ අතර මේ කාරණා නිසා දිවි ගලවා ගැනීමේ මෙහෙයුම්ද අසාර්ථකව තිබුණි. 

ස්වභාවික සම්පත් සහ දේශගුණික විපර්යාස පිළිබඳ මලාවි අමාත්‍යාංශය අඟහරුවාදා ප්‍රකාශ කළේ සුළි කුණාටුව &දුර්වල වෙමින් පවතින නමුත් දකුණු මලාවි දිස්ත්‍රික්කවල බොහෝ ප්‍රදේශවල සුළං තත්ත්වයන් සමඟ ධාරානිපාත වර්ෂාව ඇති වනු ඇති* බවයි. 

 

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00