2023 මාර්තු 19 වන ඉරිදා

නවසීලන්තය ප්‍රමුඛව භූ කම්පන රැල්ලක් ලොව වටා යයි!

 2023 මාර්තු 19 වන ඉරිදා, පෙ.ව. 06:00 40

මාර්තු මාසය පුරා භූ කම්පන අනතුරු අවදානමක් ඇති බවට ඉදිරිපත්ව තිබූ බොහෝ පුරෝකතන සැබෑ කරන්නට මෙන් පසුගිය බ්‍රහස්පතින්දා භූ කම්පන රැල්ලක් වාර්තා විය. ලෝකයේ විවිධ ස්ථාන 71කට වැඩි සංඛ්‍යාවකින් වාර්තා වූ මේ කම්පන අතර නවසීලන්තය අසලින් ප්‍රබලතාව 7ට වැඩි කම්පනයක් සහ ප්‍රබලතාව 5ක් වූ කම්පනයක්ද වාර්තාවී තිබුණි. ඒ ආසන්න ටොංගා සහ ෆීජී දූපත් යාබදව 4ට වැඩි කම්පන රුල්ලක්ද වාර්තා විය. පුවෙර්ටෝරිකෝ ආශ්‍රිතවද පිට පිට 3.4ට වැඩි කම්පන රුල්ලක් වාර්තා විය. 

නවසිලන්තය අසළ කර්මඩෙක් දූපත අසල මුහුදේ කිලෝමීටර 22.1 ගැඹුරින් මුල් කම්පනය  සිදුවූ අතර එතැනම කිලෝමීටර 10ක් යට දෙවැනි කම්පනයද සිදුවිය. පත්‍රය මුද්‍රණයට යන අවස්ථාව වනවිට මේ සම්බන්ධයෙන් සුනාමි අනතුරු ඇඟවීම්ද නිකුත්ව  තිබුණි. ඒ අතර ඉන්දුනීසියාව අසළ කෙන්කොන්ග් ආශ්‍රිතව ප්‍රබලත්වය 5.2ක් වූ කම්පනයක් කිලෝමීටර 10ක් මුහුදු ගැඹුරේ වාර්තා විය.

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00