2023 මාර්තු 19 වන ඉරිදා

ලෝකයේ හොඳම වාතය ඇති රටවල් 13ක්!

 2023 මාර්තු 19 වන ඉරිදා, පෙ.ව. 06:00 216

2022 වසරේ දී ‘වාතයේ සෞඛ්‍ය සම්පන්න’ ගුණාත්මක භාවය රැඳි ඇති රටවල් තිබී ඇත්තේ  13ක් පමණි. ලොවපුරා වාතයේ ගුණාත්මක බව නිරීක්ෂණය කරන සමාගමක් වන IQAir විසින් පල කරන ලද වාර්තාවකට අනුව, වායු තත්ත්ව විශ්ලේෂණය කරන ලද රටවල් සහ කලාපවලින් දළ වශයෙන් 90% ක සාමාන්‍ය වාර්ෂික වායු දූෂණය ලෝක සෞඛ්‍ය සංවිධානයේ වායු තත්ත්ව මාර්ගෝපදේශ ඉක්මවා ගොස් ඇති බව සොයා ගන්නා ලදී.

IQAir විසින් රටවල් 131 ක සාමාන්‍ය වාතයේ ගුණාත්මක භාවය විශ්ලේෂණය කළ අතර, ඕස්ට්‍රේලියාව, එස්තෝනියාව, ෆින්ලන්තය, ග්‍රෙනාඩා, අයිස්ලන්තය සහ නවසීලන්තය  ඇතුළු රටවල් හයක් පමණක් සහ ගුවාම් සහ පුවර්ටෝ රිකෝ ඇතුළු පැසිෆික් සහ කැරිබියන් ප්‍රදේශ හතක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ වායු තත්ත්ව මාර්ගෝපදේශයන් සපුරා ඇති බව වාර්තා විය.

එම තත්ත්ව මාර්ගෝපදේශයට, අනුව සාමාන්‍ය වායු දූෂණ මට්ටම ඝන මීටරයකට මයික්‍රොග්‍රෑම් 5ක් හෝ ඊට අඩු විම අවශ්‍ය වේ. චැඩ්, ඉරාකය, පකිස්ථානය, බහරේන්, බංග්ලාදේශය, බුර්කිනා ෆාසෝ, කුවේට් සහ ඉන්දියාව යන රටවල් හත දුර්වල වායු ගුණාත්මක භාවයක් දරයි. එය ඝන මීටරයකට මයික්‍රොග්‍රෑම් 50 ට වඩා වැඩිය.

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00