2023 මාර්තු 12 වන ඉරිදා

කටාර්හි නව අග්‍රාමාත්‍ය අබ්දුල්රහ්මන් අල්තානි

 2023 මාර්තු 12 වන ඉරිදා, පෙ.ව. 06:00 90

ෂෙයික් මොහොමඩ් බින් අබ්දුල්රහ්මන් අල්තානි කටාර්හි නව අග්‍රාමාත්‍යවරයා ලෙස  එරට පාලක Sheikh Tamim bin Hamad Al Thani විසින් පත්කර ඇත.

කටාර්හි ප්‍රමුඛ රාජ්‍ය තාන්ත්‍රිකයෙක් සහ ආර්ථික විද්‍යාඥයෙක් වන ෂෙයික් මොහොමඩ් 2016 සිට කටාර්හි විදේශ අමාත්‍යවරයා ලෙස සේවය කළ අතර නියෝජ්‍ය අගමැති  පදවියද හෙබවීය. ඔහු කටාර් විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව සහ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ උපාධියක් ලබා ඇත. ෂෙයික් මොහොමඩ් 2005දී වසර හතරක කාලයක් සඳහා පවුල් කටයුතු පිළිබඳ උත්තරීතර කවුන්සිලයේ ආර්ථික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂවරයා ලෙස සේවය කළේය. පසුව 2009දී, ඔහු ව්‍යාපාර හා වෙළඳ අමාත්‍යාංශයේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ හවුල්කාරීත්ව දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා බවට පත් වූ අතර කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායන් සඳහා තාක්ෂණික සහ මූල්‍ය ආධාර සපයන සංවිධානයක් වන “එන්ටර්ප්‍රයිස් කටාර්” දියත් කළේය.