2023 මාර්තු 05 වන ඉරිදා

සෙලෙන්ස්කිගේ භූගත යුද කාමරය

 2023 මාර්තු 05 වන ඉරිදා, පෙ.ව. 06:00 207

රුසියානු ආක්‍රමණයේ වසරක සංවත්සරය සනිටුහන් කරමින් යු‍ක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි පසුගිය වසර පුරා ඔහු ජීවත් වූ කියෙව්හි බංකරයක් පිළිබඳ රහස ලොවට හෙළිකළේය. ඔහුගේ අතිශය රහසිගත යුද කාමරය පිළිබඳ තොරතුරු ගැන ඔහු එළිදරව් කළේ එතැන සිට මාධ්‍ය අමතමිනි. යුද්ධයේ පළමු පැය සිහිපත් කරමින්, 2022 පෙබරවාරි 24 වන දින අලුයම පුටින් සිය ආක්‍රමණය පිළිබඳව දැනුම් දීමෙන් පසු සෙලෙන්ස්කි තම භූගත යුද කාමරය වෙත ගිය ආකාරය විස්තර කළේය.

ඔහුගේ මේ භූගත කඳවුරේ සෙලෙන්ස්කිගේ නිදන කාමරය තුළ, කාකි ඇඳුම් ආයිත්තම් කට්ටල පිරුණු අල්මාරියක් සහ යු‍ක්‍රේනියානු ධජයකින් සහ ටැංකිවල ආකෘතිවලින්ද අලංකාර කර ඇති වැඩ මේසයද දක්නට හැකිය. ඔහුගේ මේසය මත ගුවන් යානා ආකෘති සහ ඔහු සහ ඔහුගේ බිරිඳ ඔලේනා, ඔවුන්ගේ දරුවන් දෙදෙනා සමඟ ගත් ඡායාරෑපයක් මෙන්ම දෙවැනි ලෝක යුධ සමයේ එංගලන්ත අගමැති වින්ස්ටන් චර්චිල්ගේ උඩුකය පිළිරුවක්ද ඇත. මෙය තුළම ඔහුට කුඩා ඇඳක් සහ මුහුණ සෝදන බේසමක්ද දක්නට හැකිය. මෙය නැවත සැකසූ දෙවැනි ලෝක යුද සමයේ භාවිත කළ බංකරයකි.