2023 මාර්තු 05 වන ඉරිදා

ග්‍රීසියේ දුම්රිය ඛේදවාචකයෙන් 43ක් මියයයි

 2023 මාර්තු 05 වන ඉරිදා, පෙ.ව. 06:00 74

ප්‍රවාහන අමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීමට සහ රට තුළ උද්ඝෝෂණවලට පවා හේතු වූ ග්‍රිසීයේ දරැණුතම දුම්රිය ඛේදවාචකයේදී අවම වශයෙන් පුද්ගලයින් 43 දෙනෙකු පමණ  මියගොස් ඇති බව වාර්තා වේ. දුම්රිය දෙකක් එකිනෙක මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ මේ අනතුර මානව දෝෂයක් හේතුවෙන් සිදුවු බවට ග්‍රීක අග්‍රාමාත්‍ය Kyriakos Mitsotakis  දෝෂාරෝපණය කර තිබේ.

අගනුවර වන ඇතන්ස් සිට තෙසලෝනිකි දක්වා ගමන් කරමින් තිබූ මගී දුම්රියක් උතුරු නගරයේ සිට ධාවනය වෙමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක ගැටීමෙන් අඟහරැවාදා අගභාගයේදී මධ්‍යම නගරය වන ලැරිසා නගරයෙන් පිටත මෙම අනතුර සිදු විය. එහි බලපෑමෙන් සමහර මගී මැදිරි ගිනිගෙන පුපුරා ගියේය. ග්‍රීසියේ ප්‍රවාහන අමාත්‍ය කොස්ටාස් කරමන්ලිස්, කඩාවැටුණු ස්ථානයට ගිය පසු ඉල්ලා අස්වූයේ, ඉල්ලා අස්වීම ඔහුගේ 'යුතුකම' බව ඔහුට හැඟුණු බව පවසමිනි. 

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00