2023 පෙබරවාරි 26 වන ඉරිදා

යුක්රේන යුද්ධය නවතී!

 2023 පෙබරවාරි 26 වන ඉරිදා, පෙ.ව. 06:00 46

පසුගිය සතියේ ලෝක දේශපාලන කරළියේ කැපී පෙනෙන චරිතය වූයේ ජෝ බයිඩන්ය. ඒ සිය යුරෝපීය 9 කල්ලිය හමුවන අතරම බයිඩන් යුද තර්ජනය නොතකා කියේව් වෙත ගොස් යුක්රේන නායකයා හමුව පුටින්ට කෙළින්ම දෝෂාරෝපණ එල්ල කිරීමත් සමගිනි. ලෝක දේශපාලන විචාරකයන් බයිඩන්ගේ ඉතිහාස ගත සවාරිය විග්‍රහ කළේ දෙකොන විලක්කුව අතට ගැනීමක් ලෙසටය. ඒ රුසියාව සහ චීනය යන පසමිතුරන් දෙදෙනාටම ඔහු සිය කතාවේදී තදබල ප්‍රකාශ ඉදිරිපත් කිරීමත් සමගිනි.

ඔහු යුක්රේනයේ සටන්කාමීත්වය ඇගැයූවේ “වසරකට පසුද, කියෙව් නැගී සිටියි.   යුක්රේනය නැගී සිටියි. ප්‍රජාතන්ත්‍රවාදය තවමත් රැඳී  පවතියි,” යැයි  ප්‍රකාශ කරමිනි. ඒ සමගම ඔහු "ඇමරිකානුවන් ඔබ සමඟ සිටින අතර ලෝකය ඔබ සමඟ සිටී." යැයි දිරි ගැන්වීමකද යෙදුණි. මේ අතර  බිඩෙන්ගේ සංචාරය යුක්රේනය “ජයග්‍රහණයට ළඟාකර  වූ” බව සෙලෙන්ස්කි පැවසීය.

මේ අතර පුටින් සිය පාර්ලිමේන්තුව සහ ජාතිය අමතා කරන වාර්ෂික දේශනය යෙදී තිබුණේද ඒ සමගාමීවය. ඔහු සුපුරුදු පරිදි බටහිර කුමන්ත්‍රණයන් ගැන සඳහන් කළ අතර න්‍යෂ්ටික අවි ප්‍රහාරයන් ගැන තර්ජනයද ඉදිරිපත් කළේය. අමෙරිකාව සමඟ ඇති න්‍යෂ්ඨික ගිවිසුමෙන් ඉවත්වන බවටද පුටින් සිදුකළ තර්ජනය මේ අතර ලෝක විචාරකයන් අතර තදබල විවේචනයකට හේතුවිය. වෙනෙකක් තබා පුටින් හිතවාදියෙක් ලෙස ප්‍රකට හිටපු ජනපති දිමිත්‍රි මෙද්විඩෙව්ද කියා තිබුණේ යුක්රේන යුද්ධය පැරුදුනහොත් එය රුසියාවේ අවසානයද වනු ඇත කියාය. එසේම මේ මොහොතේ න්‍යෂ්ඨික ගිවිසුමෙන් ඉවත් වීමට ගත් තීන්දුව පුටීන්ගේ පමණට වැඩි ක්‍රියාවක් ලෙසද ඔහු පෙන්වා දී තිබුණි. මේ අතර රුසියානු මිලිටරි ප්‍රධානියෙක් කියා තිබුණේ මේ වසරේදී බොහෝදුරට යුද්ධය අවසන් විය හැකි බවය.