2023 පෙබරවාරි 26 වන ඉරිදා

සෝමාලියාවේ මිලියන 8.3ක් සාගතයෙන්!

 2023 පෙබරවාරි 26 වන ඉරිදා, පෙ.ව. 06:00 71

2011 පැවැතියාට වඩා දරුණු නියඟයකින් මේ වනවිට අප්‍රිකාව පීඩා විඳියි. එය සෝමාලියාවේ වාර්තාගත දීර්ඝතම නියඟය වූ අතර වසර තුනකට ආසන්න කාලයක් පැවතුණි. ඉන් දසදහස් ගණනක් මිනිසුන් මියගොස් ඇත.

නියඟය නිසා සෝමාලියාවේ මිලියන 1.3ක පමණ ජනතාවක්, සියයට 80ක් කාන්තාවන් සහ ළමුන්, අභ්‍යන්තරව අවතැන් වී ඇත. අඛණ්ඩව පැවැති දුර්වල වර්ෂා කාල පහකට පසුව, දැන් පවතින නියඟය දැනටමත් සෝමාලියාවේ මෑත ඉතිහාසයේ දීර්ඝතම සහ දරුණුතම නියඟය බවට පත්ව ඇත. දැනට පවතින වියළි කාලගුණ තත්ත්වයට සමගාමීව  සෝමාලියාව, කෙන්යාව සහ ඉතියෝපියාව යන රටවලට ඉදිරි මාස තුන තුළ වැසි සමයේදී සාමාන්‍ය මට්ටමට වඩා අඩු වර්ෂාපතනයක් අපේක්ෂා කරන බව කාලගුණ පර්යේෂණ මධ්‍යස්ථානය පවසා ඇත. බුරුන්ඩි, නැගෙනහිර ටැන්සානියාව, රුවන්ඩාව සහ බටහිර දකුණු සුඩානය යන ප්‍රදේශවලද සාමාන්‍ය තත්ත්වයට වඩා වියළි තත්ත්වය වැඩි වී ඇති බව එම මධ්‍යස්ථානය වැඩිදුරටත් පවසයි.

එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් බදාදා පැවසුවේ සෝමාලියාවේ ජනගහනයෙන් අඩකට වඩා එනම් මිලියන 8.3ක ජනතාවකට මේ වසරේ මානුෂීය ආධාර අවශ්‍ය වනු ඇති බවයි.