2023 පෙබරවාරි 19 වන ඉරිදා

තුර්කියේ සුන්බුන් යටින් තවමත් අඳෝනා!

 2023 පෙබරවාරි 19 වන ඉරිදා, පෙ.ව. 06:00 93

සුන්බුන් යට සිරවූ අයගේ කටහඬ තවමත් ඇසෙන බව තුර්කියේ දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාකාරීහු පවසති. රික්ටර් මාපකයේ 7.8ක ප්‍රභල භූමිකම්පාවෙන් සතියකට වැඩි කාලයක් ගතවී ඇතත් තවමත් සුන්බුන් යටින් අඳෝනා සහ කෙඳිරිලි  හඬ ඇසෙන බව දකුණු තුර්කියේ ගලවා ගැනීමේ කණ්ඩායම් කියයි. භූමිකම්පාවෙන් දිවි ගලවා ගත් අය සොයාගැනීමේ බලාපොරොත්තුව තවමත් නිමාවී නැත.

කහරමන්මාරස් ප්‍රදේශයේ ප්‍රදේශ දෙකක දිවි ගලවා ගන්නන් සුන්බුන් යට වැළලී ඇති බවට විශ්වාස කරන සහෝදරියන් තිදෙනෙකු බේරා ගැනීමට ඉකුත් සති මැද වනවිටත් උත්සාහයක යෙදී ඇත. පැය 205ක් පමණ සුන්බුන් යට වැළලී සිටි 35 හැවිරිදි කාන්තාවක් බේරා ගැනීමට එම කලාපයේම හදිසි සේවකයින්ට හැකිවිය. Adiyaman නගරයේ, ගලවාගැනීම්කරැවන් 18 හැවිරිදි පිරිමි ළමයෙකු සහ පිරිමියෙකු සුන්බුන් අතරින් පණපිටින් ඇදගන්නා ලදී. අඟහරැවාදා කඩාවැටුණු ගොඩනැගිලිවලින් 17 හැවිරිදි මුහම්මද් එනෙස් යෙනිනාර් සහ 21 හැවිරිදි සහෝදර අබ්දුල්බකි යෙනිර් ද බේරා ගන්නට හැකිවිය. දකුණු පළාතේ Hatay හි සුන්බුන් අතරින්ද කාන්තාවක් පණපිටින් පිටතට ඇදගන්නට හැකි විය.

මහා කම්පනය සහ එහි ප්‍රචණ්ඩකාරී පසු කම්පනවලින් දින අටකට පසු, තුර්කිය සහ සිරියාව පුරා පුද්ගලයින් 41,200 කට වැඩි පිරිසක් මියගොස් ඇති බව තහවුරැ කර ඇත. භූමිකම්පාවෙන් මියගිය ළමුන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඛේදනීය ලෙස වර්ධනය වනු ඇතැයි යුනිසෙෆ් බිය පළ කරයි. එක්සත් ජාතීන්ගේ ළමා ඒජන්සිය පැවසුවේ ව්‍යසනයෙන් පීඩාවට පත් තුර්කි පළාත් 10 තුළ ළමුන් මිලියන 4.6ක් ජීවත් වන අතර සිරියාවේ ළමුන් මිලියන 2.5ක් පීඩාවට පත්ව ඇති බවයි.