2023 පෙබරවාරි 05 වන ඉරිදා

එංගලන්තය හෙල්ලූ ’බදාදා මහා පාගමන’!

 2023 පෙබරවාරි 05 වන ඉරිදා, පෙ.ව. 06:00 163

දශකයකට වැඩි කාලයක් අතරතුර පැවැති විශාලතම ගුරු වැඩවර්ජනය ඉකුත් බදාදා එක්සත් රාජධානියේ සිදු විය. ඒ හේතුවෙන් එක්සත් රාජධානියේ සිසුන් මිලියන 7 කට පමණ නිවෙස්වල රැඳී සිටීමට සිදුව තිබුණි. ඒ ලන්ඩන් සහ අනෙකුත් එක්සත් රාජධානියේ නගර හරහා ඇදී ගිය ගුරුවරුන් ප්‍රධාන කොටගත් මෙම වර්ජන පෙළපාලිය හේතුවෙනි.  

‘'බදාදා මහා පාගමන’ ලෙස නම් තබා තිබූ මේ වර්ජනයට 70,000ක විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩලය සහ සිවිල් සේවකයන් 100,000කට ආසන්න පිරිසක් මෙන්ම දහස් ගණනක් දුම්රිය රියැදුරෝ ද එක්ව සිටියහ.

මේ හේතුවෙන් ද්විතීයික පාසල්වලින් 80% කට ආසන්න ප්‍රමාණයක් සිසුන්ගේ පැමිණීම සීමා විය. වසංගතය අතරතුර ඔවුන්ගේ අධ්‍යාපනය දැනටමත් දැඩි ලෙස කඩාකප්පල් වී ඇති එංගලන්තයේ සහ වේල්සයේ පාසල් 23,000ක සිසුන් විශාල සංඛ්‍යාවකට මේ පෙළපාලිය ඇරුඹූ “වෝක්අවුට් බදාදා” සිය පාඩම් මගහැරී ගියේය.

මේ වර්ජන අතර රුගෙන ගිය පුවරුවල ප්‍රමුඛව සඳහන්ව තිබුණේ “බදු -පොහොසතුන්ගෙන් ගන්න!”, “අධ්‍යාපනය ආයෝජනයක් - වියදමක් නොවේ” යන සටන් පාඨයි. බදු අඩු කරන ලෙස සහ පඩි වැඩි කරන ලෙස ඉල්ලමින් මේ බොහෝ දෙනා පාරට බැස ඇත්තේ වසර 40 තුළ හටගත් බ්‍රිතාන්‍යයේ නරකම උද්ධමනකාරී තත්ත්වය මැදය.

බහුතර ගුරු නියෝජනයක් සතු ජාතික අධ්‍යාපන සංගමය මූලිකව ඇරුඹි මෙම වර්ජනය තවදුරටත් පවත්වාගෙන යාම වැළැක්වීම සඳහා අගමැති රිෂි සුනක් වෘත්තීය සමිති තහනම් කිරීමට සූදානම් වන අතර ගුරුවරුන්ට පාගමන්වලට එක්වීමට උපදෙස් දෙන පුද්ගලයන් ගැන ප්‍රධානීන්ට පැවසීමට බල කරන නව නීතියක් ගෙන ඒමට සැලසුම් කර තිබුණි. තමන් වර්ජනයට සැරුසෙන දිනය ගැන පැය 48කට පෙර පාසල් ප්‍රධානීන්ට දැන්විය යුතු බවට ඇති ප්‍රංශ නීතියක් ගැන ද බලධාරීන් මෙහිදී මතකයට නංවා තිබුණි. මේ ආකාර නීතියක් අනෙකුත් වර්ජකයන් සම්බන්ධයෙන් බලාත්මක කළ හැකි අයුරු ගැන ද සාකච්ඡා වෙමින් තිබේ.