2023 පෙබරවාරි 05 වන ඉරිදා

පාකිස්ථානයේ අබිරහස් ශ්වසන රෝගයක්!

 2023 පෙබරවාරි 05 වන ඉරිදා, පෙ.ව. 06:00 65

ශ්වසන අපහසුතාව හේතුවෙන් කරච්චි නුවර කෙමාරි පළාතේ 18 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. මියගිය අය අතර දරුවන් 14 දෙනකු සිටින බව වැඩිදුරටත් වාර්තා වේ‍. ඔවුන්ගේ මරණයට සැබෑ හේතුව කුමක්දැයි මෙතෙක් තහවුරු කර ගැනීමට සෞඛ්‍ය බලධාරීන් අසමත් වී ඇත.

මේ රෝගය කුමක්දැයි නිශ්චිතව අනාවරණය නොවූවද, එය මුහුද හෝ ජලය ආශ්‍රිත රෝගී තත්ත්වයක් බවට සෞඛ්‍ය බලධාරින් අනුමාන කර තිබේ‍‍. මේ තත්ත්වය පසුගිය සති දෙකක් පුරා පවතින අතර පසුගිය සතියට වඩා මේ සතියේදී ශ්වසන රෝගාබාධවලට ගොදුරු වූ රෝගීන්ගේ සංඛ්‍යාව දෙගුණයක් වී ඇතැයි කරච්චි නුවර රෝහල් ආරංචි මාර්ග සඳහන් කර තිබේ.