2023 ජනවාරි 29 වන ඉරිදා

සඳ මත පා තැබූ දෙවැනියාට 4 වැනි කසාදෙත් හරියයි!

 2023 ජනවාරි 29 වන ඉරිදා, පෙ.ව. 06:00 146

සිය 93 වැනි උපන්දිනයේ දී සිව්වැනි වරටත් විවාහ වීමට දෙවැනි වරට සඳ මත පා තැබූ මිනිසා වන බස් ඕල්ඩ්‍රින් සමත් විය. බස් ඕල්ඩ්‍රන් දැනට ජීවතුන් අතර සිටින සඳ මත ඇවිද ගිය හතර දෙනාගෙන් කෙනෙකි.

ඔහු විවාහ වී ඇත්තේ සිය දිගුකාලීන පෙම්වතියව සිටි 63 හැවිරිදි ආචාර්ය ඇන්කා ෆවූර් සමඟය. ඇය රසායනික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිධාරිනියකි.

බස් ඕල්ඩ්‍රන් 1969 වසරේ සඳ මතට ගමන් කළ ඇපලෝ 11 යානයේ ඓතිහාසික අභ්‍යවකාශ ගමනේ සාමාජිකයෙකි. එම මෙහෙයුමේ අණ දෙන නිලධාරි නීල් ආම්ස්ට්‍රෝංගෙන් පසු සඳ මත ඇවිද ගිය පළමු පුද්ගලයන් දෙදෙනාගෙන් කෙනෙකි.