2023 ජනවාරි 22 වන ඉරිදා

තලේබාන් සුපිරි රථය

 2023 ජනවාරි 22 වන ඉරිදා, පෙ.ව. 06:00 276

තලේබාන් පාලනය යටතේ පවතින ඇෆ්ගනිස්තානය ඔවුන්ගේ ප්‍රථම දේශීය නිෂ්පාදිත සුපිරි මෝටර් රථය එළිදක්වා තිබේ. තලේබාන් සංවිධානය ඔවුන් විසින් දේශීයව නිපදවූ මෝටර් රථය හඳුන්වා දුන්නේ Mada 9 ලෙසිනි.

තවමත් මූලාකෘති මට්ටමේ පවතින Mada 9 නවීකරණය කරන ලද Toyota Corolla එන්ජිමකින් බලගන්වයි. තලේබාන් සංවිධානයේ උසස් අධ්‍යාපන අමාත්‍ය අබ්දුල් බකී හකානි ප්‍රකාශ කළේ මෙම මෝටර් රථය තම ජනතාවට ආගම සහ නවීන විද්‍යාවත් ලබාදීමට තලේබාන් පාලනයේ කැපවීම ඔප්පු කරන බවයි.

ENTOP සහ Afghanistan Technical Vocational Institute (ATVI) හි ඉංජිනේරැවන් 30 දෙනෙකු පමණ මෙම නිෂ්පාදනයට නායකත්වය දෙන ලදී. එම මෝටර් රථය මෑතකදී එළිදැක්වූ නමුත් එය තවමත් මූලාකෘති මට්ටමේ පවතී.