2023 ජනවාරි 22 වන ඉරිදා

ලොව යෝධ ගුවන් යානයෙන් නව පියාසැරි වාර්තාවක්!

 2023 ජනවාරි 22 වන ඉරිදා, පෙ.ව. 06:00 85

ගුවන්යානා ඉතිහාසයේ බිහිවූ විශාලතම යානය වන Stratolaunch Roc ප්‍රවාහක ගුවන් යානය පැය හයක පරීක්ෂණ පියාසැරියක් සම්පූර්ණ කරමින් පසුගියදා නව වාර්තාවක් තැබුවේය. “රොක් ස්ට්‍රැටෝලාන්ච් යානයට” අඩි 383ක පාපන්දු පිටියකට වඩා දිගු පියාපත් ඇති අතර එයට පැයට සැතපුම් 530ක වේගයෙන් ගමන් කළ හැකිය.

එය කිසිදු භාණ්ඩයක් නොමැතිව රාත්තල් 500,000ක් පමණ බරින් යුක්ත වන නමුත් උපරිම බර රාත්තල් මිලියන 1.3ක් රැගෙන ගුවන් ගත විය හැකිය. යානය රෝද 28ක ආධාරයෙන් ධාවනය වෙයි. ගුවන්ගත වූ පසු එය බෝයිං 747 ගුවන් යානා එන්ජින් හයකින් බල ගැන්වේ. එහි වාර්තාගත පළල මෙන්ම, Roc සිත් ඇදගන්නා උසකින් යුක්ත වේ. එය බිම සිට අඩි 50ක් එහි සිරස් වලිගය දක්වා ඉහළට නැඟී ඇති අතර එය තට්ටු හතරක ගොඩනැගිල්ලකට වඩා උසය.