2023 ජනවාරි 15 වන ඉරිදා

ජේම්ස් වෙබ් මුල්ම පිටසක්වල සනාථ කරයි!

 2023 ජනවාරි 15 වන ඉරිදා, පෙ.ව. 06:00 220

ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය එහි අභ්‍යවකාශයේ සොයාගැනීම් ලැයිස්තුවට තවත් විශ්වීය ජයග්‍රහණයක් එක් කර ගත්තේය. ඒ ප්‍රථම වරට අපේ සූර්යය පවුලෙන් එපිට ඇති බාහිර ග්‍රහලෝකයක හෙවත් පිටසක්වලක පැවැත්ම ස්ථිරව තහවුරු කිරීමට අභ්‍යවකාශ නිරීක්ෂණාගාරය සතු විද්‍යා උපකරණ භාවිත කිරීමෙනි.

අපගේ සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත පිහිටා ඇති LHS475b ලෙස හඳුන්වන මෙය පෘථිවියට හරියටම සමාන වේ. මෙම පාෂාණමය පිටසක්වල ලෝකය ආලෝක වර්ෂ 41 ක් දුරින් Octans තාරකා මණ්ඩලයේ පිහිටා ඇත. 

NASA හි Transiting Exoplanet Survey Satellite හෙවත් TESS විසින් එකතු කරන ලද පෙර දත්ත මගින් මෙතැන පිටසක්වල ග්‍රහලෝකයක් පවතිනු ඇතැයි යෝජනා කර තිබුණි. දැන් එය සැබෑ ලෙසම පවතින බව ජේම්ස් වෙබ් සනාථ කර තිබේ.