2022 දෙසැම්බර් 18 වන ඉරිදා

ජාත්‍යන්තර රූ රැජින තරගයට ලාංකික තරුණියක්!

 2022 දෙසැම්බර් 18 වන ඉරිදා, පෙ.ව. 06:00 204

හැට වැනි වරටත් පැවැත්වෙන ජාත්‍යන්තර රූ රැජින තරගයට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත තරුණියක්ද සහභාගි විය. එක්සත් රාජධානිය නියෝජනය කරමින් මෙම තරගය සඳහා ඉදිරිපත් වූ ඇය නමින් එවන්ජලීන් ෆ්‍රාන්සියා ය.

2015 දී මහා බ්‍රිතාන්‍යයේ Miss Inspiration ලෙසත්, 2015 දී London අවුරුදු කුමරිය ලෙසත්, 2017 දී Miss Teen Great Britain තරගයේ පළමු අනුශූරිය ලෙසත්, 2021/ 2022 දී මහා බ්‍රිතාන්‍ය රෑ රුජින ලෙසත් ජයගත් ඇයගේ ගමන ආරම්භ වූයේ වයස අවුරුදු 15 දීය.

එක්සත් රාජධානියේ පුණ්‍ය ආයතන රැසක කටයුතු කරන ඇය ශ්‍රී ලංකාව තුළ ද බොහෝ ව්‍යාපෘති ක්‍රියාත්මක කර ඇති තැනැත්තියකි. මෙවර ජපානයේ තෝකියෝ නුවරදී පැවැති මෙම තරගය සඳහා ලොව රටවල් 80කට අධික සංඛ්‍යාවක් සහභාගි විය.

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00