2022 දෙසැම්බර් 11 වන ඉරිදා

Elon Musk දුප්පත් වෙයි!

 2022 දෙසැම්බර් 11 වන ඉරිදා, පෙ.ව. 06:00 167

Elon Musk ලොව ධනවත්ම පුද්ගලයා ලෙස දිනා තිබූ තනතුරින් පහළ වැටී ඇත. වසරකට ආසන්න කාලයක් තුළ මස්ක් මේ පළමු ස්ථානයෙන් ඉවත් වූ පළමු අවස්ථාව මෙයයි.

ටෙස්ලා හිමිකරු සහ ‘ප්‍රධාන ට්විට්’ ලෙස තමන්ව හඳුන්වා ගන්නා මස්ක් සතු ධනය පසුගිය වසරේ තිබූ ඩොලර් බිලියන 300 උපරිමයේ සිට ඩොලර් බිලියන 185.3 දක්වා පහත වැටී ඇති බව වාර්තා විය. 2021 සැප්තැම්බරයෙන් පසු, කොටස් මිල මත පදනම්ව නිරන්තරයෙන් යාවත්කාලීන වන Forbes හි Real-Time Billionaire ලැයිස්තුවේ Musk පළමු ස්ථානයෙන් ඉවත් වූ පළමු අවස්ථාව එය විය. 

සුඛෝපභෝගී ව්‍යාපාරික සන්නාමයක් වන ලුවී වුටෝන් හි මව් සමාගම වන LVMH  සමූහයේ සභාපති බර්නාඩ් ආර්නෝල්ට් හට දැන් මුල් තැන හිමිය.

ඉකුත් බදාදා උදෑසන නිකුත් වූ Forbes සඟරාවේ නවතම Real Time Billionaires ලැයිස්තුවට අනුව ධනවත්ම මිනිසුන් පෙළගැස්ම මෙසේය.

බර්නාඩ් ආර්නෝල්ට් සහ පවුල: ඩොලර් බිලියන 185.8,  එලොන් මස්ක්: ඩොලර් බිලියන 185.4, ගෞතම් අදානි: ඩොලර් බිලියන 134.8, ජෙෆ් බෙසෝස්: ඩොලර් බිලියන 111.7, වොරන් බෆට්: ඩොලර් බිලියන 106.8, බිල් ගේට්ස්: ඩොලර් බිලියන 105.6, ලැරී එලිසන්: ඩොලර් බිලියන 102.0, මුකේෂ් අම්බානි: ඩොලර් බිලියන 93.3, ලැරී පේජ්: ඩොලර් බිලියන 83.2, Carlos Slim Helu සහ පවුල: ඩොලර් බිලියන 82.0 ලෙස දැක්විණි.

 2025 මැයි 24 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 24 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 31 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 31 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 31 වන සෙනසුරාදා, ප.ව. 02:00