2022 දෙසැම්බර් 04 වන ඉරිදා

මාරක රොබෝවරු පොලිස් වැඩට බසිති!....

 2022 දෙසැම්බර් 04 වන ඉරිදා, පෙ.ව. 06:00 106

සැන් ෆ්රුන්සිස්කෝ හි පාලක මණ්ඩලය විසින් නගරයේ පොලිසියට මාරක රොබෝවරුන් භාවිතයට අනුමැතිය ප්‍රකාශ කර ඇත.

අනතුරුදායක අවස්ථාවන් පාලනයට පුපුරණ ද්‍රව්‍ය සහිත රොබෝවරුන් යෙදවීමට මෙම පියවර මගින් පොලිසියට අවසර දෙයි. විකල්ප මර්දන උපක්‍රම භාවිත කිරීමෙන් පසුව පමණක් නිලධාරීන්ට මෙලෙස මාරාන්තික බලයක් ඇති රොබෝවරුන් භාවිත කළ හැකි බවට සඳහන් කරන සංශෝධනයක් සමඟ මෙම පියවර සම්මත විය. ඒ බලය භාවිත කිරීමට අවසර දිය හැක්කේ සීමිත ඉහළ පෙළේ නිලධාරීන් සංඛ්‍යාවකට පමණක් බව ද මණ්ඩලය විසින් නියම කරන ලදී.
මේ ආකාරයේ මාරාන්තික රොබෝ වර්ගයක් දැනටමත් එක්සත් ජනපදයේ අනෙකුත් සමහර ප්‍රදේශවල භාවිත වේ.

2016 දී, ටෙක්සාස් හි ඩලස් නගර පොලිසිය, නිලධාරීන් දෙදෙනකු මරා දමා තවත් කිහිප දෙනකුට තුවාල කළ ස්නයිපර්වරයකු මරා දැමීමට C-4 පුපුරණ ද්‍රව්‍යවලින් සන්නද්ධ වූ රොබෝවක් භාවිතා කළේය.

සැන් ෆ්රුන්සිස්කෝ හි නගර පොලිසිය කියා සිටියේ සිය දෙපාර්තමේන්තුව සතුව දැනට මාරාන්තික බලයක් සහිත රොබෝවරුන් නොමැති නමුත් අනාගතයේදී මෙම පියවර ගැනීම අවශ්‍ය විය හැකි බවයි.

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00