2022 දෙසැම්බර් 04 වන ඉරිදා

ප්‍රංශ පාන් ගෙඩියත් යුනෙස්කෝවට!

 2022 දෙසැම්බර් 04 වන ඉරිදා, පෙ.ව. 06:00 138

යුනෙස්කෝව විසින් ප්‍රංශයේ පාරම්පරික බෑගට්පාන් ගෙඩිය එහි "සංස්කෘතික උරුම" ලැයිස්තුවට එකතු කර ඇත. 

චීනයේ සාම්ප්‍රදායික තේ සෑදීමේ ක්‍රමය සහ "ටැල්චම්" - talchum” - නමින් හැඳින්වෙන කොරියානු වෙස් නැටුම් වැනි තවත් ලෝක සංස්කෘතික අයිතම 600 ක් ඇතුළත් 2022  ලැයිස්තුවට “ප්‍රංශයේ බෑගට් පාන් පිළිබඳ ශිල්පීය දැනුම සහ ආහාර සංස්කෘතිය” ද එක් කර ඇති බව ඒ ආයතනය නිවේදනය කර ඇත. 

ප්‍රංශය තුළ දිනකට මේ ඇඹරුණු පාන් ගෙඩි මිලියන 16 ක් පමණ නිෂ්පාදනය කරන බව වාර්තා කියයි. එහෙත්, මෑත වසරවලදී බෑගට් නිෂ්පාදනය පහත වැටෙමින් තිබුණි  විශාල සුපිරි වෙළෙඳසල් වැනි ස්ථානවල නව පන්නයේ බේකරි නිපැයුම් සඳහා වැඩි වන ජනප්‍රියත්වයට එරෙහිව බැගට් නිපදවන සාම්ප්‍රදායික බේකරිවලට අරගලයක යෙදෙන්නට සිදුව තිබේ.

තමන්ගේ මේ අමුතු තෝරාගැනීම සම්බන්ධයෙන් යුනෙස්කෝ ප්‍රධානී ඕඩ්‍රි අසුලේකියා ඇත්තේ: “ප්‍රංශයේ බෑගට් පාන් යනු දෛනික චාරිත්‍රයකි, ආහාරවේලෙහි අනිවාර්ය  අංගයකි, එය පුරාණ සමාජගත බෙදාහදා ගැනීම සහ සහජීවී සුහදතාවයට යස  සංකේතයකි. මෙම කුසලතා සහ සමාජ පුරුදු අනාගතයේදී ද දිගටම පැවතීම වැදගත් ය." යනුවෙනි.

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00