2022 දෙසැම්බර් 04 වන ඉරිදා

වත්මන් චීනයේ නිර්මාතෘ මියයයි!

 2022 දෙසැම්බර් 04 වන ඉරිදා, පෙ.ව. 06:00 187

වර්තමාන චීන ජනරජය ගොඩනැගීමට සහ චීනය ලෝක ආර්ථිකය වෙත විවෘත කිරීමට  මහඟු සේවයක් ඉටුකළ සහ එහෙයින්ම වත්මන් චීනයේ නිර්මාර්තෘ ලෙසද සැලකෙන,  චීනයේ හිටපු ජනාධිපති ජියැන්ග් සෙමින් (Jiang Zemin) අභාවප්‍රාප්ත විය. ලියුකේමියාව ඇතුළු තවත් රෝගාබාධ කිහිපයකින්ම පීඩා විඳිමින් සිටි ඔහු මිය යන විට 96 වැනි වියෙහි පසුවිය. 

කූප්‍රකට ටියනන්මෙන් චතුරශ්‍රයේ විරෝධතාවලින් පසුව බලයට පත් වූ ඔහුගේ මරණය සිදුවන්නේ ද ඒ කාලයෙන් පසු, චීනයේ කොවිඩ් සීමාවන්ට එරෙහිව එහි බරපතළම විරෝධතා කිහිපයක් අත්දකින සමයකදී වීම අපූරු සංසිද්ධියකි. ජනාධිපති ෂී ජින්පින්ට හා පාලක කොමියුනිස්ට් පක්ෂයට එරෙහිව චීනයේ නගර රැසක මේ වන විට විරෝධතා පැවැත්වෙයි. විරෝධතාකරුවන් පවසන්නේ ජනාධිපතිවරයා මෙන්ම පාලක කොමියුනිස්ට් පක්ෂය ද බලය අතහැරිය යුතු බවයි. ඒ රට තුළ ක්‍රියාත්මක දැඩි කොවිඩ් රෙගුලාසිවලට එරෙහිව ඇරුඹුණු විරෝධතාව මේ වනවිට ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ දක්වා වර්ධනය වී තිබේ.

1993 සිට 2003 වසර දක්වා චීන ජනරජයේ ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ ඔහු, චීන කොම්යුනිස්ට් පක්ෂයේ මහ ලේකම් ලෙස ද කටයුතු කළේය.  ඔහුගේ භාරකාරත්වය යටතේ, කොමියුනිස්ට්වාදීන් රට තුළ සිය බලය දැඩි කරගත් අතර, චීනයේ බලවත් ආර්ථිකයක් ගොඩනගන ලදී,  චීනය ලෝක බලවතුන්ගේ අතරට ඔසවා තැබිණි. ඔහු 1997 දී හොංකොං සාමකාමීව භාරදීම සහ 2001 දී චීනය ලෝක වෙළෙඳ සංවිධානයට ඇතුළු වීමද අධීක්ෂණය කළේය.

තමන්ගේම දේශපාලන මතවාදයක් ඉදිරිපත් කළ කැපීපෙනෙන ජනප්‍රිය චරිතයක් වූ ඔහු   බලයේ සිටි කාලය තුළ එක්සත් ජනපදය සමඟ සබඳතා ශක්තිමත් කර ගැනීමට කටයුතු කළේය. ඒ කාලයේ සිදුවූ  9/11 ප්‍රහාරයෙන් පසුව වොෂින්ටනය ගෙන ගීය "ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය" සඳහා කිහිප වතාවක්ම ඒ රටට ගොස් එවකට සිටි ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව් බුෂ්ට සහයෝගීතාව ලබා දෙමින් කටයුතු කළේය. 

 2025 මැයි 24 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 24 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 31 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 31 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 31 වන සෙනසුරාදා, ප.ව. 02:00