2022 නොවැම්බර් 27 වන ඉරිදා

අම්මලා දැරියන් විකුණන ඇෆ්ගන් සාගතය!

 2022 නොවැම්බර් 27 වන ඉරිදා, පෙ.ව. 06:00 170

ඇෆ්ගනිස්ථානුවන් ඔවුන්ගේ කුසගින්නෙන් පෙළෙන දරුවන් සන්සුන් කිරීමට මත් ඖෂධ ලබා දෙන අතර, තවත් සමහරුන් ජීවත් වීමට තම දියණියන් සහ අවයව විකුණා ඇති බව බීබීසී වාර්තාවක් කියයි. තලේබානුවන් පාලනය බාරගෙන විදේශ අරමුදල්  තහනම් කිරීමෙන් පසු ගතවන මේ දෙවැනි ශීත ඍතුවේ දී, මිලියන ගණනක් සාගතයට ගොදුරුව හමාරය.

වකුගඩුවක් ඩොලර් 2,700කට හෝ බාල වයස් දැරිවියක් ඩොලර් 1137ක පමණ හෝ  කුසගින්න නිසා විකිණී යන බව වාර්තාව කියයි. බොහෝ පවුල් සෑම දිනකම වියළි පාන් කෑලි කිහිපයකින් කුසගිනි නිවා ගනියි. ඔවුහු උදේ වියළි පාන් අනුභව කරන අතර රාත්‍රියේදී එය තෙත් කිරීමට වතුරේ ගිල්වා ගිල දමති. ඇෆ්ගනිස්ථානයේ මානුෂීය "ව්‍යසනයක්" දැන් දිගහැරෙමින් පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ද ප්‍රකාශ කර තිබුණි.

පසුගිය අගෝස්තු මාසයේදී තලේබාන් සංවිධානය මගින් පිහිටවූ නව රජයට ජාත්‍යන්තර පිළිගැනීමක් නොමැතිවීමත් සමඟ, ඇෆ්ගනිස්ථානයට ගලා එන විදේශීය අරමුදල් සීමා වූ අතර, බොහෝ දිනවල මිනිසුන්ට රැකියාවක් නොමැතිව ගතකිරීමට සිදුවන උග්‍ර ආර්ථික බිඳවැටීමක් රට තුළ ඇති කර තිබේ. 

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00