මිනිස් අභ්‍යවකාශ ඉතිහාසයේ දෙවැනි මහා සඳ ගමනට මග සකසමින් “ආර්ටිමිස් 1” චන්ද්‍රගාමීන් රහිත මුල්ම යානය සඳ වෙතට පිටත් විය. එතෙක් මෙතෙක් ලොව මිනිසා තැනූ බලවත්ම රොකට්ටුව ලෙස සැලකෙන SLS රොකට්ටුව මේ ගමන පිටත් වූයේ අවස්ථා තුනක් අසාර්ථක වීමෙන් පසුය.
සඳ වෙත සහ ඉන් පිටතටද යන ඔරියන් යානය සහ තවත් පර් යේෂණ චන්ද්‍රිකා මෙන්ම උපකරණද මෙහි රුගෙන යයි. සඳ වෙත යාමට සතියක් ගතවන බව කියන එය නැවත පෘථිවියට පැමිණීමට නියමිතව ඇත්තේ සති 4කට පසුවය. මෙය 2025 වන විට දෙවැනි වර සඳ මත පා තබන්නට මුල්ම ගැහැනිය සහ වර්ණ මිනිසා රැගෙන යාමට නියමිත “ආර්ටිමිස් 3” වෙනුවෙන් සිදු කළ පෙරහුරුවකි. ආර්ටිමිස්, චන්ද්‍ර වැඩපිළිවෙළ අඟහරු වෙතට සහ ඉන් පිටතටද මිනිසුන් ගෙන යන අනාගත දිගුකාලීන අභ්‍යවකාශ වැඩපිළිවෙළේ ආරම්භයයි.