2022 නොවැම්බර් 20 වන ඉරිදා

ඉරාන විරෝධතාකරුවකුට මරණ දඬුවම!

 2022 නොවැම්බර් 20 වන ඉරිදා, පෙ.ව. 06:00 69

ඉරාන අධිකරණය විසින් මෑත කාලීන විරෝධතා සම්බන්ධ පළමු මරණ දඬුවම නිකුත් කර ඇත, ඉරාන විප්ලවවාදී අධිකරණය රජයේ ගොඩනැගිල්ලකට ගිනි තැබූ බව කියන විරෝධතාකරුවකුට මෙම දඬුවම නිකුත් කළ බව රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.
මෙම නම් නොකළ පුද්ගලයා "දෙවියන් වහන්සේට එරෙහිව සතුරු වීම" සහ "පෘථිවිය මත දූෂණය පැතිරවීම" යන චෝදනාවලට වරදකරු කරනු ලැබ ඇත. විරෝධතාවලට සහභාගී වූ තවත් පස්දෙනකුට වසර 5 සිට 10 දක්වා සිර දඬුවම් නියම විය.

ඉරාන විරෝධතා ඇරුඹුණේ සැප්තැම්බරයේ පොලිස් අත්අඩංගුවේදී මියගිය මහ්සා අමිනීගේ මරණයෙන් පසුය. රට පුරා පෙළපාලිවලින් 330 කට ආසන්න පිරිසක් මිය ගොස් තිබේ.

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00