ලොව ප්‍රථම කෘත්‍රිම රුධිරය අත්හදා බැලීම පසුගිය සතියේ එංගලන්තයේදී සිදු විය. රසායනාගාරයක් තුළ කෘත්‍රිමව නිර්මාණය කළ රුධිර සෛල මෙහිදී පුද්ගලයකු හට ලබා දී තිබුණි.
මේ ලොව ප්‍රථම සායනික පර් යේෂණය සිදු කළ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ පර් යේෂක පිරිසට අනුව එහි සාර්ථකත්වය අනුව නිරන්තරව රුධිරය අලුතෙන් ලබා දිය යුතු උපතින්ම රුධිර සංකූලතා සහිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ඉදිරියේදී මේ කෘත්‍රිම රුධිරය ඉතා වැදගත් මෙහෙයක් ඉටු කරනු ඇත.