2022 නොවැම්බර් 13 වන ඉරිදා

ලොව තැන තැන භූ කම්පන මාලාවක්....

 2022 නොවැම්බර් 13 වන ඉරිදා, පෙ.ව. 06:00 84

පසුගිය සතියේ ලොව ස්ථාන කිහිපයකම භූ කම්පන වාර්තා විය. ඇෆ්ගනිස්ථානයේ හටගත් භු කම්පනය එරට බඩක්ෂාන් පළාතෙන් වාර්තා වූ අතර උතුරු පාකිස්තානයේ සහ තජිකිස්ථානයේ ප්‍රදේශ කිහිපයකට ද බලපෑවේය. රිච්ටර් මාපක 4.5ක් වූ ඒ කම්පනයෙන් සිදුවූ හානිය වාර්තා වී තිබුණේ නැත‍.

ඒ අතර නේපාලය් කත්මන්දු අග නගරයට ද භූ කම්පනයක් බලපෑවේය. ඒ කත්මන්දු නුවර සිට කිලෝමීටර 156 ක් ඈතින් වූ ස්ථානයක කිලෝමීටර 100කට වඩා ගැඹුරින් හටගත් රිච්ටර් මාපක 4.5ක් වූ කම්පනයකි.

මධ්‍යම ඉතාලියේ රිමිනි ප්‍රදේශයේ හටගත් රිච්ටර් මාපකයේ 5.5ක් ලෙස සටහන් වූ  ප්‍රබල කම්පනයක් නිසා පාසල් කිහිපයක් වසා දැමූ අතර මාර්ග කිහිපයක්ම අවහිර විය. ඇනිකෝනා නගරයේ දුම්රිය ධාවනය ද ඇන හිටියේය.
ෆීජි දූපත් ආසන්නයේ දකුණුකරයේ 6.6, 7.0 සහ 6.8ක ප්‍රබල භූ කම්පන මාලාවක් සිදුවූ බව වාර්තා විය. ඒ සමඟම ජපානය (5.0) තායිවානය (4.7) සහ ඉන්දුනිසියාවේ ජාවා නුවරට දකුණු ප්‍රදේශයට බලපෑ 4.8ක සහ 4.7ක භූ කම්පන වාර්තා විය.