2022 නොවැම්බර් 06 වන ඉරිදා

ලොව කැළඹූ ඛේදවාචක 3ක් ගැන පරීක්ෂණ

 2022 නොවැම්බර් 06 වන ඉරිදා, පෙ.ව. 06:00 98

පසුගිය සතියේ මාධ්‍ය කැළඹූ ඛේදවාචක 3ක් ගැන පරීක්ෂණ දැන් ඇරුඹී තිබේ. ඉන් ප්‍රධාන පුවතක් වාර්තා වූයේ අසල්වැසි ඉන්දියාවෙනි.

• ඉන්දියාව

ඉන්දියාවේ ගුජරාටි ප්‍රාන්තයේ පුද්ගලයන් 141 දෙනකුට මරු කැඳවමින් සිදු වූ 1880 වකවානුවේ බ්‍රිතාන්‍ය පාලන සමයේ ඉදිකළ බව කියන එල්ලෙන මගී පාලමක් බිඳවැටීමේ ඛේදවාචකය සම්බන්ධව පුද්ගලයන් 9 දෙනකු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ. එහි ඉදිකිරීම් භාරව කටයුතු කළ නිලධාරීන් සිව්දෙනකු ද ඊට ඇතුළත්ය.

ඊට අමතරව එල්ලෙන පාලමේ පැවැති පූජා උත්සවයට සහභාගි වීමට ජනතාවට ප්‍රවේශපත් අලෙවි කළ බව කියන පුද්ගලයන් ද, ආරක්ෂක නිලධාරියෙක් ද අත්අඩංගුවට ගත් පිරිස අතර වෙති. ප්‍රවේශපත් අලෙවියෙන් වැඩි මුදලක් උපයා ගැනීමට එම පාලමේ රැඳී සිටිය හැකි ප්‍රමාණයට වඩා අධික පිරිසකට අවසර දීම පිළිබඳ දැන් පරීක්ෂණ පැවැත්වෙයි.

• දකුණු කොරියාවේ

ඒ අතර දකුණු කොරියාවේ සෝල් අගනුවර පැවති හැලොවීන් සැමරුමක් අතරතුරදී ඇතිවූ තෙරපීමක් නිසා ශ්‍රී ලාංකිකයකු ද ඇතුළුව පුද්ගලයන් 146 දෙනෙක් මිය ගියහ. පුද්ගලයන් 150කට අධික පිරිසක් රෝහල්ගත කර ඇත‍.
ජනාධිපති Yon Suk-yeol තම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ හදිසි රැස්වීමක් ද පවත්වා ඇති අතර ප්‍රදේශයට හදිසි වෛද්‍ය කණ්ඩායම් කැඳවීමට නියෝග කර තිබුණි.

• සෝමාලියාව

මේ අතර සෝමාලියාවේ මෙගඩිෂු අගනුවර ජනාකීර්ණ ස්ථානයක මෝටර් රථ බෝම්බ 02ක් පිපිරීමෙන් පුද්ගලයන් 100 දෙනෙකුට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ. මෙම පිපිරීමෙන් තවත් 300ක පමණ පිරිසක් තුවාල ලැබූහ.
ජිහාඩ් හිතවාදී කණ්ඩායමක් මෙම පිපිරීම පිටුපස සිටින බවට තොරතුරු අනාවරණය වී තිබේ.

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00