2022 නොවැම්බර් 06 වන ඉරිදා

පුටින්ට පිළිකාවක්! රහස් ඊ මේලයක් හෙළිදරව් කරයි

 2022 නොවැම්බර් 06 වන ඉරිදා, පෙ.ව. 06:00 171

ව්ලැඩිමීර් පුටින්ට පාකින්සන් සහ අග්න්‍යාශ පිළිකාවක් ඇති බව පිටතට කාන්දු වූ  ක්‍රෙම්ලිනයේ රහස් ඔත්තු සේවා ලේඛන මගින් හෙළිව ඇතැයි මාධ්‍ය වාර්තා කර ඇත.

රුසියානු නායකයා මාස ගණනාවක් තිස්සේ ඔහුගේ අයහපත් සෞඛ්‍යය පිළිබඳ කටකතාවලින් පීඩා විඳිමින් සිටියි.

ඔහු ප්‍රසිද්ධියේ සිටියදී නිතරම ඇඹරෙන සහ අස්ථිර ලෙස අපහසුවෙන් සිටින බවක් නිරීක්ෂණය කර තිබුණි. ඔහු පෙළෙනවා යැයි කියනු ලබන රෝගාබාධ පිළිබඳ විවිධ  ප්‍රකාශ විපක්ෂයේ පුද්ගලයන් අතරින් මාධ්‍ය වෙතද සංසරණය වී තිබූ නමුත් ක්‍රෙම්ලිනය විසින් එය සැමවිටම ප්‍රතික්ෂේප කරන්නට යෙදුණි. 

නමුත් දැන්, රුසියානු බුද්ධි මූලාශ්‍රයකින් කාන්දු වූ විද්‍යුත් තැපෑලකින් පෙනී ගොස් ඇත්තේ 70 හැවිරිදි පුටින්ට පිළිකාවක් සහ පාකින්සන් රෝගය වැළඳී ඇති බව එයින්  තහවුරු කර ඇති බවයි. මේ ගින්නට තව තවත් පිදුරැ එක් කළේ රුසියානු නායකයාගේ   වම් අතේ පිටුපස IV ප්‍රතිකාරයේ පැහැදිලි සලකුණු දක්නට ලැබෙන බවට පළ වූ වාර්තාවත් සමගිනි.

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00