විශිෂ්ටතම ගවේෂණාත්මක රූපවාහිනී මාධ්‍යවේදියකු ලෙස ප්‍රකටව සිටි පාකිස්තානයේ 49 හැවිරිදි අර්ෂාද් ෂරීෆ් කෙන්යාවේදී වෙඩි ප්‍රහාරයකට ලක්ව මිය ගියේය.
පාකිස්තානයේ වත්මන් රජය දැඩි විවේචනයට ලක් කළ ඔහු පසුගිය අගෝස්තුවේදී පාකිස්තානයෙන් පලා ගියේ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ චෝදනාවකට අත්අඩංගුවට ගැනීමට එරට ආරක්ෂක අංශය සූදානමින් සිටියදීය. හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට සහාය පළ කරමින් පාකිස්තාන හමුදාව දැඩි විවේචනයට ලක් කරමින් හඬ අවදි කළ අර්ෂාද් මගාඩි නුවර මාර්ග බාධකයකදී පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත් වූ බව කෙන්යාව තහවුරු කළේය. මෝටර් රථය නවත්වන ලෙස පොලීසිය විසින් කළ සංඥාව නොතකා ධාවනය කිරිමේදී වෙඩි තැබූ බවත්, එම මෝටර් රථයේ ගමන් කරමින් සිටි අර්ෂාද් වෙඩි පහරින් මියගිය බවත් කෙන්යාවේ පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබිණි. ඔහුගේ මරණය පිළිබඳ කෙන්යාවේ රජය පාකිස්තානයට කනගාටුව පළ කර ඇති අතර, විනිවිදභාවයකින් යුතුව විමර්ශනයක් සිදු කරන බවට ද පොරොන්දු වී තිබිණි.
පළමුව එංගලන්තයේදීත්, පසුව ඩුබායි නුවරදීත් කෙටි කාලයක් ජීවත් වූ අර්ෂාද්ට පාකිස්තානයෙන් පලා යෑමට සිදුවූයේ රජය විසින් ගෙන යනු ලබන මාධ්‍ය හිංසනය හේතුවෙන් බව එරට මාධ්‍යවේදිහු ප්‍රකාශ කරති.