හැරී පොටර් චිත්‍රපටවල හැග්රිඩ් ලෙස රඟපාමින් ලොව පුරා සිටින දරුවන්ට සහ වැඩිහිටියන්ට ප්‍රීතිය ගෙන ආ ඇන්තනි රොබට් මැක්මිලන් හෙවත් රොබී කෝල්ට්රේන්, ලෙස හැඳින්වූ සුප්‍රකට ප්‍රහසන රංග කලාවේදියා ස්කොට්ලන්තයේ රෝහලකදී ඔහුගේ ජීවන භූමිකාවට ඉකුත් සිකුරාදා සමු දුන්නේය. මිය යන විට ඔහු 72 වැනි වියෙහි පසුවිය. ඔහුගේ මරණයට හේතුව අධික තරබාරුව යැයි සැක කෙරේ.
Coltrane ඔහුගේ වයස විසි ගණන්වල මුල් භාගයේදී රංගනයට පිවිසි අතර, එකල සුප්‍රකට ජැස් සැක්සෆෝන් වාදක ජෝන් Coltrane ට උපහාරයක් වශයෙන් කොල්ට්‍රෙන් යන නම සිය වේදිකා නාමය ලෙස භාවිත කරමින් ප්‍රහසන නාට්‍ය සඳහා එක්වූයේය.
නාට්‍ය වේදිකාවේද රූපවාහිනියේ මෙන්ම චිත්‍රපටයන්හි ද එක සේ කුසලතා පෙන්නුම් කළ ඔහු, රූපවාහිනී රහස් පරීක්ෂක නාට්‍යයක් වන ක්රුකර් හි මෙන්ම, ගෝල්ඩන් අයි සහ ද වර්ල්ඩ් ඊස් නොට් ඉනෆ් ජේම්ස් බොන්ඩ් චිත්‍රපටවල ද පෙනී සිට නමක් දිනාගත් අයෙකි.
නාට්‍ය සඳහා ඔහු කළ සේවය වෙනුවෙන් II වැනි එලිසබෙත් රුජින විසින් 2006 අලුත් අවුරුදු දා ඔහුට OBE ගෞරව නාමය පුද දෙන ලදී. 1990 දී, ඔහුට Evening Standard British Film Award හිදී - Peter Sellers Award for Comedy සම්මානය හිමි විය. 2011 දී, ඔහු බ්‍රිතාන්‍යය ඇකඩමි ස්කොට්ලන්ඩ් සම්මාන උළෙලේදී චිත්‍රපට සඳහා වූ ඔහුගේ "විශිෂ්ට දායකත්වය" සඳහා ගෞරවයට ලක් කරන ලදී.