2022 වසරේ ලොව ධනවත්ම දරුවා ලෙස කේම්බ්‍රිජ්හි චාලට් කුමරිය පත්ව ඇත. ඇය 2015 දී උපත ලැබූ අතර කේම්බ්‍රිජ් ආදිපාදවරයා වන විලියම් කුමරුගේ එකම දියණියයි. ලෝකයේ බලවත්ම සහ ධනවත්ම පවුලක උපන් චාලට් කුමරිය බ්‍රිතාන්‍ය සිංහාසනයේ උරුමක්කාරයන් අතර සිව්වැනි ස්ථානයේ සිටී.
ඇගේ සොහොයුරා වන 9 හැවිරිදි ජෝර්ජ් ඇලෙක්සැන්ඩර් ලුවී කුමරු ලොව ධනවත්ම පිරිමි දරුවාය. ඔහු දෙවැනි වී ඇත්තේ සිය බාල සොහොයුරිය හටය. ඒ අනුව බ්‍රිතාන්‍ය සිංහාසනයේ උරුමක්කාරයන් අතර තුන්වැනි ස්ථානයේ සිටින සහ 2013 වසරේ උපන් කුමරුගේ ඇස්තමේන්තුගත ශුද්ධ වටිනාකම ඩොලර් බිලියන 3කි. ඔහු කේම්බ්‍රිජ් ආදිපාදවරයා වන විලියම් කුමරුගේ සහ කේම්බ්‍රිජ් ආදිපාදවරිය වන කැතරින්ගේ පුත්‍රයාය. කුමරුට ඔහුගේ පියා වන චාල්ස් කුමරුගෙන් ඩොලර් මිලියන 40 ක පමණ උරුමයක්ද ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
දෙවැනි එළිසබෙත් රුජින විසින් 2012 දෙසැම්බර් 31 දින නිකුත් කරන ලද පේටන්ට් බලපත්‍ර ලිපි යටතේ “ඇගේ රාජකීය මහීමතාව” යන උත්තමාචාර ශෛලියට හිමිකම් ඇති චාලට් කුමරිය ඒ අනුව “ඇගේ රාජකීය මහීමතාව කේම්බ්‍රිජ්හි චාලට් කුමරිය" ලෙස නම් කර ඇත. කේම්බ්‍රිජ්හි චාලට් කුමරිය රාජකීයත්ව අනුප්‍රාප්තික අනුපිළිවෙලේදී සිය සහෝදරයෙකුට වඩා ඉහළින් ශ්‍රේණිගත කරනු ලැබූ පළමු බ්‍රිතාන්‍ය කුමරිය වේ. මේ වනවිට 8 හැවිරිදි වියේ පසුවන ඇය උරුමයෙන් ලද වත්කම ඩොලර් බිලියන 5කි.