2022 ඔක්තෝබර් 09 වන ඉරිදා

රසායන විද්‍යා නොබෙල් ත්‍යාගය මෙවර විද්‍යාඥවරියක් ඇතුළු තිදෙනෙක් අතර!

 2022 ඔක්තෝබර් 09 වන ඉරිදා, පෙ.ව. 08:00 48

මේ නොබෙල් සම්මාන සතියයි. මේ වන විට වෛද්‍ය විද්‍යාව, භෞතික විද්‍යාව සහ රසායන විද්‍යාව සඳහා සම්මාන තිළිණ කර හමාරය. 

රසායන විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය මෙවර රසායන විද්‍යාඥයන් තිදෙනකු හට හවුලේ පිරිනැමුණි. කැරොලින් ආර් බර්ටොලිසි, මොර්ටන් මෙල්ඩල් සහ කේ බැරි ෂාර්ප්ලස් තිදෙනා රසායනික අණු වේගයෙන් සහ පහසුවෙන් එකිනෙක හා සම්බන්ධ කිරීමේ සහ වෙන් කිරීමේ වඩාත් ඉක්මන් සහ උසස් තාක්ෂණ ක්‍රමවේදයන් සොයා ගැනීම සම්බන්ධයෙන් සම්මාන ලදහ.

දැන් විද්‍යාඥයන්ට මේ ක්‍රමවේදය නිසා වෙනස් අණු 2ක් එකක අගට අම්ලයක් සහ අනෙකේ අගට භෂ්මයක් යොදා ඉක්මනින් පෑස්සීමටත් තඹ අයන යොදා ගනිමින් ඉක්මනින් බිඳ දැමීමටත් හැකියාව ලැබී ඇත.

මේ රසායන අණු කඩිනමින් සම්බන්ධ කිරීමේ සහ බිඳ දැමීමේ තාක්ෂණය ඖෂධ නිෂ්පාදන ක්‍රියාවලියේ වැඩිදියුණුවට ඉහළ දායකත්වයක් සපයන අතරම විශේෂයෙන්ම පිළිකා ඖෂධ නිෂ්පාදනයේ පෙරැළිකාර වර්ධනයකට හේතු වනු ඇති බව කියයි.
ස්වීඩන් ජාන විද්‍යාඥ සවැන්ටේ පැබ්බෝ මානව පරිණාමය පිළිබඳ රහස් හෙළි කිරීමට පුරාණ DNA භාවිත කිරීම වෙනුවෙන් වෛද්‍ය විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය දිනා ගත්තේය. John F. Clauser සහ Anton Zeilinger ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාවේ ඔවුන්ගේ සුවිශේෂී ජයග්‍රහණ වෙනුවෙන් භෞතික විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය දිනාගෙන ඇත.

 

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00