2022 ඔක්තෝබර් 09 වන ඉරිදා

දූෂණ පිරි බ්‍රසීල වළට ලූලා නැවතත්!

 2022 ඔක්තෝබර් 09 වන ඉරිදා, පෙ.ව. 08:00 102

බ්‍රසීල මැතිවරණයේ පළමු වටය මේ වන විට අවසන්ව ඇති අතර සියලුම ඡන්ද ගණන් කිරීමෙන් අනතුරුව වාමාංශික ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා 48.4% ක් හෙවත් ඡන්ද 57,259,504 ක්ද, දක්ෂිණාංශික වත්මන් ජනපති ජයිර් බොල්සොනාරෝ 43.2% ක් හෙවත් ඡන්ද 51,072,345 ක්ද ලෙස ප්‍රතිඵල ලබාගෙන ඇත.

ඒ අනුව බ්‍රසීලයේ මැතිවරණය ඔක්තෝබර් 30 දෙවැනි වටයට යන අතර එහිදී දෙපාර්ශ්වය අතර නැවත තරගයක් පැවැත්වෙනු ඇත.

බ්‍රසීලයේ හිටපු ජනපති ලුයිස් ඉනාසියෝ ලුලා ද සිල්වා බ්‍රසීල කම්කරු පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයාය. ලූලා ද සිල්වා මීට පෙර 2003 වසරේ සිට 2010 වසර දක්වා වසර හතක් ජනාධිපති ධුරය හෙබවූ අතර මෙවර ඔහු ජනාධිපතිවරණයට තරග කරන්නේ හයවැනි වරටයි.

ඉතිහාසයේ හොඳම ජනපති ලෙස තමාගේ නම තබාගෙන ජීවිතයේ අවසාන වසර කිහිපය සාමකාමීව ජීවත් විය හැකි නමුත් රට විනාශ වී ඇති බව දුටු හෙයින් නැවත ජනපතිවරණය සඳහා තරග කර බ්‍රසීලය ගොඩනැගීම වෙනුවෙන් කටයුතු කිරීමට තීරණය කළ බව ඔහු ට්විටර් පණිවිඩයක් මගින් කියා තිබේ.

මේ වන විට 76 වැනි වියෙහි පසුවන ඔහු තමන්ට වයස අවුරුදු 10 වන තුරුම කියවීමටවත් බැරිව සිට පසුව 5 වැනි පන්තියට පමණක් ඉගෙනගෙන අධ්‍යාපනය අතහැර දැමුවෙක් වීම විශේෂත්වයකි. ජනාධිපති බොල්සොනාරෝ හා ලූලා අතර එකිනෙකාට එරෙහිව විශාල විරෝධතාවක් පවතියි.

ඇමසන් වැසි වනාන්තරය පිළිබඳ අපේක්ෂකයන් දෙදෙනා අතර පවතින්නේ එකිනෙකට පරස්පර තත්ත්වයකි. ඇමසන් වැසි වනාන්තරය ආරක්ෂා කිරීම සඳහා පියවර ගන්නා බව වාමවාදී ලූලා පවසන අතර බොල්සොනාරෝ තර්ක කර ඇත්තේ වැසි වනාන්තරයේ තෝරාගත් කොටස් ආර්ථික සූරාකෑම සඳහා විවෘත කළ යුතු බවයි.

කෙසේ නමුත් බොල්සොනාරෝ මහතාගේ ආධාරකරුවන් ඔහු ධුරයෙන් ඉවත් කළ හැක්කේ දෙවියන්ට පමණක් බව ප්‍රකාශ කරන අතර ලූලා දැනටමත් නිවේදනය කර ඇත්තේ අවසන් ජයග්‍රහණය තෙක් සටන දිගටම පවතින බවටය.

 

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00