ඉතාලියේ මීළඟ අග්‍රාමාත්‍යවරිය ලෙස පත්වීමට නියමිත ජියොර්ජීයා මෙලොනි ගේ මගපෙන්වීම හා උපදෙස් අනුව එම රට තුළ සිදුවන චීන මැදිහත්වීම් සම්බන්ධයෙන් ඉතාලි රජයේ දැඩි අවධානය යොමුව තිබේ.
ඒ අනුව ඉතාලිය පියවර ගෙන ඇත්තේ චීන සබඳතා සහ එරට ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සමාලෝචනය කිරීම සඳහා සම්බන්ධීකරණ කාර්යාලයක් පිහිටුවීමටයි.
අමෙරිකාවේ IRI ආයතනය හා ඉතාලියේ Foundation Farefuturo නමැති පදනම එක්ව මෙම සම්බන්ධීකරණ කාර්යාලය පවත්වාගෙන යයි. එහි චීන කටයුතු සඳහා සම්බන්ධීකාරකවරයකු ද පත් කෙරෙනු ඇති.
රට තුළ ක්‍රියාත්මක හා ක්‍රියාත්මක කිරීමට අවධානය යොමුකර ඇති චීන ප්‍රතිපත්ති සම්බන්ධයෙන් තොරතුරු රැස්කිරීම සහ ඒවා සම්බන්ධීකරණය කිරීම අදාළ කාර්යාලයේ ප්‍රධාන කාර්යභාරයයි. එම කාර්යාලය රැස්කර ගන්නා තොරතුරු ඉතාලි පාර්ලිමේන්තුවේ විශේෂ කොමිසමක් සමඟ හුවමාරු කර ගැනීමට සැලසුම් කර ඇත. එම කොමිසම මගින් චීනයේ ප්‍රචාරක ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කරනු ඇති.