2022 සැප්තැම්බර් 11 වන ඉරිදා

ආශ්වාස කළ හැකි Covid එන්නත එයි

 2022 සැප්තැම්බර් 11 වන ඉරිදා, පෙ.ව. 08:00 96

ලොව ප්‍රථම ආශ්වාස කළ හැකි Covid එන්නත චීනය හදිසි භාවිතය සඳහා අනුමත කර තිබේ. Covid-19 පැතිරීම මැඩපැවැත්වීම ප්‍රමුඛතාවයක් ලෙස මතුව පවතින රට තුළ ඉඳිකටු රහිත නිෂ්පාදනයේ භාවිතය ඉහළ දැමීම සඳහා මගපාදමින් මෙම ආශ්වාස කරන Covid-19 එන්නත චීනය නිපදවා ඇත.

එන්නත් නිෂ්පාදකයා වන CanSino Biologics ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ බූස්ටර එන්නතක් ලෙස හදිසි භාවිතය සඳහා මෙම මාත්‍රාව චීනයේ ඖෂධ නියාමකයා විසින් අනුමත කර ඇති බවයි. Convidecia Air ලෙස හඳුන්වන මේ නිෂ්පාදනය, නෙබියුලයිසර් උපකරණයක් භාවිතයෙන් ආශ්වාස එන්නත් මාත්‍රාවක් ලෙස ලබාදෙයි. CanSino විසින් නිපදවන ලද Convidecia Covid-19 එන්නත දැනටමත් චීනයේ භාවිතයේ පවතින අතර අනෙකුත් රටවල් අතලොස්සක්ද එය අනුමත කර ඇත.

මේ වනවිට මිලියන 300කට වැඩි පිරිසකට බලපෑම් කරමින් අගෝස්තු අග සිට චීන නගර 70 කට වැඩි ප්‍රමාණයක් පූර්ණ හෝ අර්ධ වශයෙන් අගුලු දමා ඇත.