2022 සැප්තැම්බර් 04 වන ඉරිදා

බ්‍රසීල ආදිවාසී අවසන් සාමාජිකයා මියයයි !

 2022 සැප්තැම්බර් 04 වන ඉරිදා, පෙ.ව. 08:00 186

බාහිර ලෝකය සමඟ සම්බන්ධ නොවූ බ්‍රසීල ආදිවාසී ගෝත්‍රයක ඉතිරිව සිටි අවසන් සාමාජිකයා මියගොස් ඇති බව බ්‍රසීලයේ ස්වදේශික ආරක්ෂණ ඒජන්සිය වන ෆුනායි   ප්‍රකාශ කර තිබේ.

''කුහර මිනිසා'' ලෙසින් හඳුන්වනු ලැබූ බ්‍රසීලියානු ඇමසන් වනාන්තරයේ  රොන්ඩෝනියා ප්‍රාන්තයේ ගැඹුරු, ටනාරු ආදිවාසී භූමියේ ඔහු, පසුගිය වසර 26 පුරාවට සම්පූර්ණයෙන් හුදකලාව ජීවත් වූවෙක් බව, සර්වයිවල් ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි. සතුන් කොටුකර ගැනීමට සහ සැඟවීමට ගැඹුරු වලවල් සෑදීමේ පුරුද්ද නිසා ඔහුට ඔහුගේ අන්වර්ථ නාමය ලබා දී ඇති බව කණ්ඩායම පවසයි.

කාලයක් තිස්සේ  බලධාරීන් ඔහුව දුර සිට නිරීක්ෂණය කළද, ඉඳහිට ඔහු සඳහා සැපයුම් අතහැර ගියද, ඔහු කෙළින්ම සම්බන්ධ කර ගැනීමට ගත් සියලු උත්සාහයන්ට එම පුද්ගලයා විරුද්ධ වී ඇත. සර්වයිවල් ඉන්ටර්නැෂනල් ප්‍රකාශ කළේ 1970 ගණන්වල සිට ප්‍රධාන වශයෙන් ගව පාලනය කරන්නන් සහ ඉඩම් කොල්ලකෑම්කරුවන්ගෙන් එල්ල වූ ප්‍රහාර කිහිපයකින් ඔහුගේ සෙසු ගෝත්‍රය විනාශ වූ බවයි.