2022 අගෝස්තු 21 වන ඉරිදා

ජැකලින්ට අතිරේක චෝදනා !

 2022 අගෝස්තු 21 වන ඉරිදා, පෙ.ව. 08:00 125

රුපියල් කෝටි 200ක කප්පම් සිද්ධියක් සම්බන්ධව ප්‍රකෝටිපති ජවාරම්කරුවකු වන සුකේෂ් චන්ද්‍රසේකර්ට එරෙහිව ගොනු කරන ලද නඩුවක අතිරේක චෝදනා පත්‍රයක් මගින් බොලිවුඩ් නිළි ජැකලින් විත්තිකාරියක් ලෙස නම්කර ඇත. මුදල් විශුද්ධිකරණ   නඩුවට අදාළව විශුද්ධිකරණය වැළැක්වීමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් කිහිපවතාවක්ම නිළි ජැකලින්ට සිතාසි නිකුත් කර ඇත. මීට පෙර සුකේෂ්ගේ නීතිඥවරයා මාධ්‍ය වෙත දන්වා තිබුණේ නිළිය සුකේෂ් සමඟ පෙම් සබඳතාවක් පවත්වන බව කියන බවයි. කෙසේ වෙතත්, පසුව ජැකලීන්ගේ කණ්ඩායම ඇය සුකේෂ් සමඟ සම්බන්ධ වූ බව  ප්‍රතික්ෂේප කළහ.

ඒජන්සිය අප්‍රේල් මාසයේදී මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත (පී.එම්.එල්.ඒ.) යටතේ ජැකලීන්ගේ රුපියල් කෝටි 7.27ක අරමුදල් මෙම නඩුවේ අපරාධවලින් ඉතිරි වූ මුදල් ලෙස අනුයුක්ත කර ඇත. ඒ බැවින් ජුනි මාසයේදී ඇයගේ ප්‍රකාශය සටහන් කර ගැනීම සඳහා ඇයට අවසන් වරට සිතාසි නිකුත් කරන ලදී. ඇය පැය අටක් ඒජන්සිය විසින් ප්‍රශ්න කරන ලදී. 

කප්පම් ගැනීම් ඇතුළු අපරාධ ක්‍රියාවලින් උපයාගත් මුදලින් සුකේෂ් චන්ද්‍රසේකර් ජැකලින් ෆර්නැන්ඩස්ට රුපියල් කෝටි 5.71ක් වටිනා විවිධ තෑගි ලබාදී ඇති බවට වාර්තා පලවෙයි. චන්ද්‍රසේකර් විසින් මෙම නඩුවේ සම චූදිතයා වූ ඔහුගේ දිගුකාලීන සහකාරිය වූ පිංකි ඉරානි එම තෑගි ලබාදීමට යොදවා ඇත යනුවෙන් ඒජන්සිය නිවේදනයක් නිකුත් කරමින් කියා තිබුණි.

ජැකලයින් පසුගිය වසරේ අගෝස්තු සහ ඔක්තෝම්බර් මාසවලදී ED වෙත ප්‍රකාශ කර තිබුණේ, Gucci, Chanel විලාසිතා බෑග් තුනක්, ව්‍යායාම් ශාලාවක් සඳහා Gucci ඇඳුම් දෙකක්, Louis Vuitton සපත්තු යුගලයක්, දියමන්ති කරාබු යුගල දෙකක්, බහු-වර්ණ ගල් වළල්ලක් සහ හර්මීස් වළලු දෙකක් වැනි තෑගි චන්ද්‍රශේඛර්ගෙන් තමන්ට ලැබුණු බවයි.