2022 අගෝස්තු 14 වන ඉරිදා

කඩාවැටී ගිනිගත් යානයේ දෙදෙනාම දිවි ගලවාගනී !

 2022 අගෝස්තු 14 වන ඉරිදා, පෙ.ව. 08:00 172

එන්ජිමක් ක්‍රියා විරහිත වීමෙන් කඩා වැටුණ ගුවන් යානයක් කාර්යබහුල කැලිෆෝනියා අධිවේගී මාර්ගයේ ගමන්ගත් පිකප් ට්‍රක් රථයකද ගැටීමෙන් පසු ගිනි ගැනීමකට ලක්ව ඇත. නමුත් හාස්කමකින් මෙන් එහි  නියමුවා සහ මගියා ගිනිගත් සුන්බුන් අතර කෙසේ හෝ නිරැපද්‍රිතව සිටිනු දක්නට ලැබී ඇත.

නියමුවා ලෙස කටයුතු කළ ඇන්ඩෘ චෝ සිය යානයේ එන්ජිමේ බලය අහිමි වූ විට  මහමගට යානය බස්වන්නට කටයුතු කර ඇත. එහිදී ගමන්ගත් පිකප් රථයක වැදි තටුවක් කැඩීගොස් ඇත. ඒ සමගම යානය ගිනිඇවිලී තිබේ. චෝ සහ ඔහුගේ සගයා ගිනිගත් යානයේ සුන්බුන් අතරින් හාස්කමකින් මෙන් දිවි බේරාගෙන ඉවතට පැමිණ තිබේ.