2022 අගෝස්තු 07 වන ඉරිදා

ඉම්රාන් ඛාන්ට යළිත් සෙනසුරු මාරුවක් !

 2022 අගෝස්තු 07 වන ඉරිදා, පෙ.ව. 08:00 214

පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ දේශපාලන පක්ෂයට එක්සත් ජනපදය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, එක්සත් රාජධානිය සහ ඕස්ට්‍රේලියාව ඇතුළු විදේශ රටවලින් ඩොලර් මිලියන ගණනක නීතිවිරෝධී අරමුදල් ලැබී ඇති බවට පාකිස්තාන මැතිවරණ කොමිසම ඉකුත් අඟහරුවාදා අනාවරණය කළේය.

මෙම තීරණය ඛාන් සහ ඔහුගේ දූෂණ විරෝධී ව්‍යාපාරයක් මත ප්‍රසිද්ධියට පත් වූ,   පාකිස්තාන් ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (පීටීඅයි) පක්ෂයට තහනමක් පැනවීමට හේතු විය හැකිය. PTI පක්ෂයේ ප්‍රකාශකයෙකු සිය පක්ෂය වෙත එල්ල වී ඇති චෝදනා ප්‍රතික්ෂේප කළේය.

ඉම්රාන් ඛාන් මෙම වසර මුලදී ඔහු නෙරපා හැරීමට පෙර මිලිටරිය සමඟ විරසකව තිබුණේ ඔත්තු ප්‍රධානියෙකු පත්කිරීම සම්බන්ධයෙනි. පාකිස්තානය දිගු කලක් මිලිටරියේ බලපෑම මත පාලන වෙනස්කම්වලට ලක්වූ රාජ්‍යයකි. ඛාන් නෙරපා හැරීමටද මිලිටරිය බලපෑ අතර මේ චෝදනාව එල්ල වනවිටද ඔහු නැවත වතාවක් බලයට ඒමේ මගට  සාර්ථකව එළැඹ සිටියේය. දැන් හිටිහැටියේ ලත් මේ කොමිසමේ තීන්දුව නව රජයට එරෙහිව ව්‍යාපාරයක් ගෙන යන හිටපු ක්‍රිකට් තරුවට විශාල පසුබෑමකි.
පීටීඅයිහි ආරම්භක සාමාජිකයෙකු වන අක්බාර් එස් ඛාන් විසින් 2014 දී ගොනු කරන ලද මෙම නඩුවෙන් පක්ෂයට විදේශයන්ගෙන් නීති විරෝධී අරමුදල් ලැබුණු බවට චෝදනා කර තිබුණි.

 

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00