2022 අගෝස්තු 07 වන ඉරිදා

’’කිසිවක් නොකරනවාට’’ පඩි ගන්න ජපන් ජාතිකයා

 2022 අගෝස්තු 07 වන ඉරිදා, පෙ.ව. 08:00 204

ෂෝජි මොරිමොටෝ ටෝකියෝහි තම සේවාදායකයින්ට ඉතා අසාමාන්‍ය කුලී සේවාවක් සපයයි. ඒ කිසිවක් නොකර පෙනී සිටීමට පමණක් තමාව කුලියට දීමෙනි.

ඔහු තනිව සිටීමට අකමැති ගනුදෙනුකරුවන්ට තමන් කුලියට දීමෙන් අලුත් වෘත්තියක් සකසා ඇත. ෂෝජි ඔහු සහභාගී වීමට කුලියට ගෙන ඇති ඕනෑම උත්සවයකට හෝ ක්‍රියාකාරකමකට හෝ ගිය විට එහි රුඳී  සිටීම හැර සංවාදයේ යෙදෙන්නේ හෝ වෙනත් කිසිවක් කරන්නේ නැත, නමුත් ඔහුට ඉහළ ඉල්ලුමක් ඇත, ඔහු දැන් දිනකට එබඳු සැසි එකක් හෝ තුනක් සැලසුම් කරයි.

සමාජයේ බහුලව  පිලිගන්නා  පරිදි කෙනෙකුගේ  වටිනාකමක් දැනීම සඳහා සෑම විටම ඵලදායි හෝ ''ප්‍රයෝජනවත්'' දෙයක් කිරීම පමණක් නොව ''කිසිවක් නොකර''   මිනිසුන් වෙනුවෙන්  ඔවුන් සමඟ රැඳී  සිටීමෙන් පමණක් වුවද තමන්ගේම වටිනාකමක් තිබිය හැකි බව පෙන්වීමට හැකි බව සනාථ කිරීම ශෝජි සිය නව සේවාව මගින් තහවුරු කිරීමට ගන්නා ආකල්පයයි.