2022 අගෝස්තු 07 වන ඉරිදා

පේරු රාජ්‍යයේ 4වැනි අගමැතිත් ඉල්ලා අස්වෙයි

 2022 අගෝස්තු 07 වන ඉරිදා, පෙ.ව. 08:00 123

පේරු අගමැති ඇනිබල් ටොරස් ඉල්ලා අස්වී ඇත. ඒ වසරක ධුර කාලයෙන් පසු වඩ වඩාත් හුදකලා වී ඇති ජනාධිපති පේද්‍රෝ කැස්ටිලෝ කෙරෙහිද අවධානය යොමුව ඇති පුළුල්  අපරාධ විමර්ශනයක් මධ්‍යයේය.

නීතීඥයෙකු සහ කැස්ටිලෝගේ වඩාත්ම විශ්වාසවන්ත සගයෙකු වන ටොරස් බදාදා සමාජ මාධ්‍යවල බෙදාගත් ලිපියක කියා සිටියේ “පුද්ගලික හේතූන්” නිසා ඔහු ඉල්ලා අස්වන බවයි. ඒ අනුව දැන් සිය 5 වැනි අගමැතිවරයා පත්කිරීමට ජනාධිපතිට සිදුව ඇත.

ජනාධිපතිවරයා ''අපරාධ සංවිධානයක'' කොටස්කරුවෙක්ද යන්න විමර්ශනය කරන අපරාධ පරීක්ෂණ දෙකක් ඇතුළුව අපරාධ පරීක්ෂණ පහක සැකකරුවෙකි. පේරු නීතියට අනුව, ජනාධිපති ධුරයේ සිටියදී විමර්ශනය කළ හැකි නමුත්, චෝදනා ගොනුකළ නොහැක. 52 හැවිරිදි කැස්ටිලෝ, පසුගිය වසරේ මාක්ස්වාදී-ලෙනින්වාදී පක්ෂය මඟින් බලයට පත් වූ අතර, මුලදී ආයෝජකයින් අතර භීතිය ඇති කළ නමුත්, පසුව ඔහු ප්‍රායෝගික මධ්‍යස්ථ මඟක් ගත්තේය.

ඔහු ''පොහොසත් රටක තවත් දුප්පතුන් එපා'' යන සටන් පාඨය සමඟ දූෂණයට එරෙහිව සටන් කිරීමටත්, පතල් ලාභ මත බදු වැඩි කිරීමටත්, ව්‍යවස්ථාව නැවත ලිවීමටත්, ගෘහස්ථ ගෑස් සහ ඖෂධ මිල කෙරෙහි බලපාන බව කියන ඒකාධිකාරය අවසන් කිරීමටත්   පොරොන්දු විය.

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00