රජයට එරෙහිව විරෝධතාවක නිරත වීම නිසා පොලිස් රැඳවුම් භාරයට ගෙන සිටි ඉන්දියාවේ කොංග්‍රස් පක්ෂ නායක රාහුල් ගාන්ධි මුදා හැරීමට දිල්ලි පොලිසිය කටයුතු කර ඇත. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ප්‍රධාන භාරතීය ජනතා පක්ෂ රජයට එරෙහිව දිල්ලි අගනුවර පාර්ලිමේන්තු සංකීර්ණය අසල මහා මාර්ග අවහිර කරමින් මේ විරෝධතාව පවත්වා තිබේ.
මුදල් විශුද්ධිකරණ පිළිබඳ චෝදනා මත ඉන්දියාවේ කොංග්‍රස් පක්ෂ සභාපතිනි සෝනියා ගාන්ධි තුන්වැනි වරටත් එරට මූල්‍ය වංචා විමර්ශන ආයතනයේදී ප්‍රශ්න කිරීමට ලක් වෙද්දී රාහුල් මේ විරෝධය පැවැත්වීය. රාහුල් ගාන්ධි සමඟ කොංග්‍රස් මන්ත්‍රීවරැ 57 දෙනෙක්ද, පක්ෂ ක්‍රියාකාරීහු 200කට ආසන්න පිරිසක් ද දිල්ලි පොලිසිය විසින් රැඳවුම් භාරයට ගනු ලැබූහ.