2022 ජුලි 24 වන ඉරිදා

රුසියානු නැව් ඉන්දියාවට එයි!

 2022 ජුලි 24 වන ඉරිදා, පෙ.ව. 08:00 245

රුසියානු නැව් කණ්ඩායමක් ඉන්දියාවට පැමිණ සිටිති. ඉන්දියාවට සහ චීනයට අත්‍යවශ්‍ය භාණ්ඩ සහ අමුද්‍රව්‍ය සැපයීමට රුසියාව මෙම නැව් ප්‍රවාහන සේවය ආරම්භ කර තිබේ.

යුක්රේන යුද ගැටුම් හේතුවෙන් රුසියාවට පනවන ලද බටහිර රටවල සම්බාධක මත ජාත්‍යන්තර සැපයුම් මාර්ග අවහිර වීම මඟහරවා ගැනීම සඳහා ඉන්ටෙකෝ නමැති රුසියාවට අයත් භාණ්ඩ ප්‍රවාහන නෞකා සහ චීනය පදනම් කරගත් ස්විෆ්ට් ප්‍රවාහන සමූහ ව්‍යාපාරය සතු නෞකා ඒකාබද්ධව මේ ප්‍රවාහන සේවය ආරම්භ කර ඇත. රුසියාවෙන් ඉන්ධන, ගෑස් සහ ගල්අඟුරු මිල දී ගැනීම සඳහා චීනය පසුගිය මැයි මාසයෙන් අවසන් වූ අවසන් මාස තුන ඇතුළත අමෙරිකා ඩොලර් බිලියන 19 ක් පමණ වියදම් කර ඇතැයි වාර්තා වේ. එම කාලය ඇතුළත ඉන්දියාව අමෙරිකා ඩොලර් බිලියන 5.1ක් වැය කර ඇත. චීනය සහ ඉන්දියාව දැන් රුසියාවේ ප්‍රධානම ගැනුම්කරුවන්ය.  එය පසුගිය වසරට වඩා පස් ගුණයක වැඩි වීමකි. එය පසුගිය වසර ඇතුළත මිල දී ගැනීමට වැය කළ මුදලට වඩා දෙගුණයක වැඩි වීමක් බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.