අගමැති බොරිස් ජොන්සන් ඉල්ලා අස්වීමෙන් පසු කොන්සර්වේටිව් පක්ෂයේ මහ පුටුවට සහ එංගලන්ත අගමැති පුටුවට සුදුස්සෙක් තෝරා ගැනීමේ තරඟයක් දැන් මතුව ඇත. එයින් මුල්තැන ගෙන ඇත්තේ ඉන්දියානු සම්භවයක් ඇති පරිනත දේශපාලකයෙකි. ඒ හිටපු චාන්සලර් රිෂී සුනක්ය. මේ අතර තවත් ඉන්දීය සම්භවයක් ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක්ද වන නීතිපති සුවාලා බ්‍රවර්මන්ගේ නමද මුල් වටයේදී කියැවිණි.
ඉකුත් අඟහරැවාදා සවස කොන්සර්වේටිව් පක්ෂයේ මහ පුටුවට සහ එංගලන්ත අගමැති පුටුවට සුදුස්සෙක් තෝරා ගැනීමේ නාමයෝජනා එකතුව අවසන් වනවිට බොරිස් ජොන්සන් වෙනුවට අනුප්‍රාප්තිකයා ලෙස පාර්ලිමේන්තුවේ කොන්සර්වේටිව් මන්ත්‍රීවරැන් 358 දෙනා අතරින් අපේක්ෂකයින් අට දෙනෙකුගේ නම් මූලික කෙටි ලැයිස්තුවට ඇතුළත් විය.
විදේශ ලේකම් Liz Truss, නව චාන්සලර් Nadhim Zahawi, වෙළඳ අමාත්‍ය Penny Mordaunt, හිටපු කැබිනට් අමාත්‍යවරැන් වන Kemi Badenoch සහ Jeremy Hunt සහ Tory පසුපෙළ මන්ත්‍රී Tom Tugendhat යන අයගේ නම් ප්‍රධාන ලෙස ඡන්ද පත්‍රිකාවට ඇතුළත් විය. නව චාන්සලර් නදීම් සහ හිටපු කැබිනට් ඇමති ජෙරමි හන්ට් පසුව ඉවත්වන ලදී.
ඉකුත්දා පැවැති මෙහි පළමු වටයේ ඡන්ද විමසීමේදී වැඩිම ඡන්ද ලබාගත් රිෂී සුනක්, ඡන්ද 88ක් ලබා මුල්තැන ගත් අතර, තවත් ප්‍රමුඛ පෙළේ අපේක්ෂිකාවක් වූ පෙනී මොර්ඩෝන්ට් ඡන්ද 67 ලබා තිබුණි. එසේම Truss Liz ඡන්ද 50ක් ලබා ඉදිරියෙන් සිටියාය.
ඒ අනුව තරඟයේ මෙම මුල් අවධියේදී, තරගය සුනක්, මෝර්ඩවුන්ට් සහ ලිස් ට්‍රස් අතර ගැටුමක් දක්වා පටු වෙමින් පවතින බව පෙනී ගියේය. ජොන්සන් පැන්නීමේ මුල් වෙඩිමුරය පත්තු කරමින් මුලින්ම ඉල්ලා අස්වෙමින් පක්ෂ නායකත්වය සඳහා තරග කිරීමට ඔහුගේ අභිප්‍රාය ප්‍රකාශ කළ දා සිටම, රිෂී සුනක් ඔහුගේ පක්ෂයේ පාර්ලිමේන්තු සගයන් අතර ස්ථාවර පෙරමුණක් පවත්වා ගෙන ගියේය. නමුත් අවසාන තින්දුවට බලපාන කොන්සර්වේටිව් පක්ෂ සාමාජික පදනම Penny Mordaunt වෙත දෝලනය වීමේ වැඩි ගම්‍යතාවයක්ද ගොඩනැඟී තිබුණි.
නමුත් ඉන්දීය සම්භවයක් ඇති එංගලන්තයේ හිටපු චාන්සලර් රිෂී සුනක්, බොරිස් ජොන්සන්ගේ අනුප්‍රාප්තිකයා ලෙස කොන්සර්වේටිව් පක්ෂ නායකයා සහ බ්‍රිතාන්‍ය අගමැති ධූරයට පත්වීම සඳහා ඇති ඉඩ පුළුල් ලෙස විවෘතව පැවැතිණි. කෙසේ වුවද බොරිස් ජොන්සන්ගේ අනුප්‍රාප්තිකයා කොන්සර්වේටිව් නායකයා ලෙස සැප්තැම්බර් 5දා ප්‍රකාශයට පත් කිරීමට අදහස් කෙරේ.