රුසියාවේ හිටපු ජනාධිපති සහ වත්මන් ආරක්ෂක කවුන්සිලයේ ප්‍රධානී දිමිත්‍රි මෙද්වදෙව් මනුෂ්‍ය වර්ගයාගේ පැවැත්ම අවසන් වන බවට අනතුරැ ඇඟවූයේය. යූක්‍රේනයේ යුද අපරාධ සම්බන්ධයෙන් රැසියාවට දඬුවම් කළහොත් ඒ නිසා ඇතිවන න්‍යෂ්ටික අර්බුදය මනුෂ්‍ය වර්ගයාගේ අවසානයට හේතු විය හැකි බවට ඔහු ප්‍රකාශ කර ඇත. මේ මොස්කව් වෙතින් න්‍යෂ්ටික තර්ජනයක් නිකුත්වූ දෙවැනි අවස්ථාවයි.
දැන් ආරක්ෂක මණ්ඩලයේ නියෝජ්‍ය ප්‍රධානියා ලෙස කටයුතු කරන ව්ලැඩිමීර් පුටින්ගේ සමීප සගයා පැවසුවේ ජාත්‍යන්තර අපරාධ අධිකරණය (අයිසීසී) රැසියාවට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට උත්සාහ කිරීමෙන් වැළකී සිටිය යුතු බවයි. බටහිර සුපිරි බලවතා අභීතයෙක් හෝ මෝඩයෙක් ලෙස හංවඩු ගසමින් රැසියාවට චෝදනා කරමින් ICC හරහා විනාශය වැපිරීමට එක්සත් ජනපදය උත්සාහ කරන බවට ඔහු චෝදනා කරයි. අමෙරිකාව ලෝකයේ අතීත යුද අපරාධ සම්බන්ධයෙන් වගකිව යුතු බවටද ඔහු ප්‍රතිචෝදනා කර ඇත. Global Research හි ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයකට අනුව, දෙවැනි ලෝක යුද්ධය අවසන් වීමෙන් පසු ඇමරිකාව රටවල් 37ක මිලියන 20කට වඩා මිනිසුන් මරාදමා ඇත.
මේ වනවිට විශාලතම න්‍යෂ්ටික විභවය ඇති රටට දඬුවම් කිරීමේ අදහසම විකාරයක් බවත් එයින් මානව වර්ගයාගේ පැවැත්මට තර්ජනයක් විය හැකි බවත් 2008 සහ 2012 අතර පුටින්ගේ රෑකඩ ජනාධිපති ලෙස කටයුතු කළ මෙද්වදෙව් කියා ඇත. රැසියාවේ හිටපු ජනාධිපතිවරයාගේ මෙම අනතුරැ ඇඟවීමෙන් පැය කිහිපයකට පසු බ්‍රිතාන්‍යයට හෝ යුරෝපයේ ඕනෑම රටකට පහර දිය හැකි අන්තර් මහද්වීපික මිසයිල සහිත න්‍යෂ්ටික අභ්‍යාසයක් පුටින් විසින් සිදුකරන්නට යෙදුණි. සැතපුම් 7,500ක දුරකට ප්‍රහාර එල්ලකළ හැකි රැසියාවේ අන්තර් මහද්වීපික යාර්ස් මිසයිල 100 කට අධික ප්‍රමාණයක් යොදා ගනිමින් බටහිර සයිබීරියාවේ වනාන්තරයක මෙම න්‍යෂ්ටික අභ්‍යාසය පැවැත්විණි.
පුටින් යුක්රේනය සමඟ යුද්ධයට පෙර සිය න්‍යෂ්ටික හමුදා ඛණ්ඩද සීරැවෙන් තැබූ අතර නිතිපතා අභ්‍යාස දිගටම පැවැත්විණි.සෙසු ලෝකයට තර්ජනයක් ලෙස දියත්කළ මේ සංදර්ශන අභ්‍යාසවලට රැසියානු උපාය මාර්ගික මිසයිල බලකායේ ජංගම මාර්ගගත මිසයිල පද්ධති සහිත වාහන තුළ ඇටවූ යාර්ස් මිසයිල යොදා ගත් මුල් අවස්ථාව මෙයයි.