2022 ජුනි 26 වන ඉරිදා

ඇෆ්ගනය හෙල්ලූ භු කම්පනය!

 2022 ජුනි 26 වන ඉරිදා, පෙ.ව. 08:00 90

දශක දෙකකට ආසන්න කාලයේ ඇෆ්ගනිස්තානයේ සිදුවූ දරුණුතම භූකම්පනය සටහන් කරමින් රිච්ටර් මාපාංක ඒකක 5 යි දශම 9 ක භූකම්පනයකින්  පසුගියදා ඒ රට හෙල්ලී ගියේය.

පාකිස්තානයට මායිව ඇති එරට නිරිත දිග කොටසේ කොස්ට් නගරයට සැතපුම් 46ක් පමණ දුරින් හටගත් මෙම භූකම්පනයෙන් මියගිය සංඛ්‍යාව දහසකට අධිකය. 1,500 කට වැඩි  පිරිසක් එහිදී තුවාල ලැබූ බව වාර්තාවේ.

ඇෆ්ගනිස්තානයේ සිදුවූ භූකම්පනයෙන් විපතට පත්වූවන් බේරා ගැනීම සඳහා කාලගුණය හරස් වී තිබේ. ඒ භූකම්පනය සිදුවූ ප්‍රදේශයට ඇදහැලෙන හිම සහ අධික වර්ෂාපතනය හේතුවෙනි. විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා තලේබාන් සංවිධානය ජාත්‍යන්තර ප්‍රජාවගෙන්ද සහාය ඉල්ලා තිබුණි. එක්සත් ජාතීන්ගේ නිවේදනයකට අනුව තලේබාන් පාලනය නිසා හටගත් ආර්ථික අර්බුදය හමුවේ එරට මිලියන 20ක් සාගතයට මුහුණ දී සිටිති.