2022 ජුනි 19 වන ඉරිදා

මුකේෂ් අම්බානි දැවැන්ත ක්‍රිකට් ගනුදෙනුවක!

 2022 ජුනි 19 වන ඉරිදා, පෙ.ව. 08:00 221

ඉන්දීය ප්‍රකෝටිපතියෙකු වන මුකේෂ් අම්බානි දැන් සිය අධිරාජ්‍යයට දැවැන්ත ක්‍රිකට් ගනුදෙනුවක්ද එක් කර ගෙන ඇත. මේ අනුව ලොව වටිනාම ක්‍රීඩා දේපළවලින් එකක් වන ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) විකාශනය කිරීමේ ඩිජිටල් අයිතිය අම්බානිගේ සහාය ඇති ව්‍යාපාරයක් විසින් දිනාගෙන ඇත.

රුපියල් බිලියන 238 කට (ඩොලර් බිලියන 3.05 කට) Viacom18 - Paramount සහ Ambani’s Reliance Industries අතර හවුල් ව්‍යාපාරයක් මගින් එම විකාශන අයිතිය ලබාගෙන ඇති බව - ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ ෂා අඟහරුවාදා Twitter වෙත ප්‍රකාශ කළේය.

මේ අතර, රුපියල් බිලියන 236 (ඩොලර් බිලියන 3.02) පමණ ලංසුවකට  Disney සතු Star India රෑපවාහිනී අයිතියද ඔහු ගෙන ඇති බවට ෂා වැඩිදුරටත් පැවසීය. ගනුදෙනු දෙකම 2027 දක්වා බලාත්මකය.

ඒ අනුව IPLහි මාධ්‍ය අයිතියේ මුළු වටිනාකම වාර්තාගත ඩොලර් බිලියන 6.2ක් වේ. මීට වසර පහකට පෙර, Star India වසර පහක් සඳහා රෑපවාහිනී සහ ඩිජිටල් හිමිකම් සඳහා ගෙවා ඇත්තේ ඩොලර් බිලියන 2.6 කි. ඩොලර් බිලියන 100කට ආසන්න ශුද්ධ වත්කමක් ඇති ආසියාවේ ධනවත්ම පුද්ගලයා වන අම්බානිට තෙල් ව්‍යාපාරයක් උරුම වූ නමුත් වසර ගණනාවක් තිස්සේ තාක්‍ෂණය, පිරිසිදු බලශක්තිය සහ සිල්ලර වෙළඳාම වැනි වෙනත් ක්ෂේත්‍රවල විශාල ආයෝජනයක්ද හිමිකරගෙන සිටී.