2022 ජුනි 12 වන ඉරිදා

“තුර්කියේ” සියවසකට පසු නම වෙනස්වෙයි!

 2022 ජුනි 12 වන ඉරිදා, පෙ.ව. 10:00 500

නිදහස් ජනරජයක් වී වසර 100 කට පමණ පසු ‘තුර්කිය’ (Turkey) සිය “ටර්කී”  යන නම වෙනස් කිරීමට තීරනය කර ඇත. ඒ අනුව, මින් ඉදිරියට තුර්කිය හැඳින්වෙන්නේ ‘තුර්කියේ’ Turkiye යනුවෙනි. දැන්, ඊට එක්සත් ජාතීන්ගේ සංවිධානයේද අනුමැතිය හිමිවී තිබේ.

එතෙක් පැවැති සුල්තාන් රාජ්‍යය අහෝසි කර ඒරට නිදහස ලැබුවේ 1922 නොවැම්බර් 1 වැනි දිනය. ඒතැන්සිට එහි නම තුර්කිය විය. එක්සත් ජාතීන්ගේ ප්‍රකාශක ස්ටෙෆාන් ඩුජාරික් පවසා ඇත්තේ මින් ඉදිරියට Turkey යන නම භාවිතය වෙනුවට, Turkiye යන නම භාවිත කරන්නැයි තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් ගත් තීරණයට තමන් කැමැත්ත දෙන බවත්, මින් ඉදිරියට Turkiye යන නමින් තුර්කිය හැඳින්වෙනු ඇති බවත්ය.

මැදපෙරදිග කලාපයේ සීමාවේ පිහිටා තිබෙන තුර්කිය කලාපීය බලවතෙකු වන අතර අලුතින් කාර්මිකකරණය වූ රටකි. භූ දේශපාලනික වශයෙන් උපාය මාර්ගික පිහිටීමක් ඇත. දළ දේශීය නිෂ්පාදිතයෙන් ලෝකයේ විසිවන විශාලතමයා වන අතර NATO, IMF සහ ලෝක බැංකුවේ මුල් සාමාජිකයෙක් සහ OECD, OSCE, BSEC, OIC සහ G20 හි ආරම්භක සාමාජිකයෙකි. 1950දී යුරෝපීය කවුන්සිලයේ මුල් සාමාජිකයෙකු බවට පත්විය. ඔටෝමාන් අධිරාජ්‍යයෙන් ගොඩනැඟුණු තුර්කියට පොහොසත් සංස්කෘතික ඇති අතර යුනෙස්කෝ ලෝක උරුම ස්ථාන 19 කින් සමන්විතය. තුර්කිය ලෝකයේ වැඩිපුරම සංචාරකයින්ගේ ආකර්ශනය දිනාගත් සංචාරකයින් ජනප්‍රිය ගමනාන්තයකි.

තුර්කි ජනාධිපති Recep Tayyip Erdogan විසින් සංදේශයක් නිකුත් කර සෑම භාෂාවකින්ම රට විස්තර කිරීමට Turkiye භාවිතා කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටීමෙන් අනතුරුව පසුගිය දෙසැම්බර් මාසයේදී තුර්කිය සිය ජාත්‍යන්තරව පිළිගත් නිල නාමය ඉංග්‍රීසියෙන් Turkiye ලෙස වෙනස් කිරීමට පියවර ගත්තේය.

“Turkiye යනු තුර්කි ජනතාවගේ සංස්කෘතිය, ශිෂ්ටාචාරය සහ සාරධර්මවල හොඳම නියෝජනය සහ ප්රකාශනයයි.” තුර්කි ජනාධිපතිවරයා පවසා ඇත. එසේම දේශීය සමාගම්වලට මෙන්ම එරට භාණ්ඩ අපනයනය කරනු ලබන සමාගම්වලට ඔවුන්ගේ අපනයන භාණ්ඩ සඳහා “තුර්කියේ නිෂ්පාදිත” ලෙස මින් ඉදිරියට භාවිතා කරන ලෙසත් රාජ්‍ය ආයතනවලට ඔවුන්ගේ ලිපි හුවමාරැවේදී Turkiye භාවිතා කරන ලෙසත් ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.

 

 2025 මැයි 24 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 24 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 31 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 31 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 31 වන සෙනසුරාදා, ප.ව. 02:00