2022 ජුනි 05 වන ඉරිදා

කටාර් කුමරියකගේ අබිරහස් මරණය!

 2022 ජුනි 05 වන ඉරිදා, පෙ.ව. 10:00 343

කටාර් රටේ කුමරියක් වන 45 හැවිරිදි කාසියා අල් තානී Kasia Al Thani කුමරිය ඉකුත් ඉරිදා Marbella හි ඇගේ මහල් නිවාස සංකීර්ණයේ නිදි ඇඳේ මියගොස් සිටියදී සොයාගන්නා ලදී. ඇයගේ සිරුරේ කිසිදු ශාරීරික තුවාලයක් දක්නට නොලැබුණු බව වාර්තාවේ.

කුමරියක් වුවද සිරකාරියක ලෙස ඇය ගත කළ දුඃඛිත ජිවිතය පිළිබඳ රහස්‍ය කරුණු දැන් දැන් එළියට එන්නට ආරම්භ වී තිබේ. මේ කුමරිය ඇගේ මරණයට සති කිහිපයකට පෙර සම්මුඛ සාකච්ඡාවකද රාජකීයයෙකු ලෙස තමන් ගෙවන &නපුරු සිහිනයක්* බඳු ජීවිතය ගැන විස්තර ලෝකයට හෙළිකර තිබුණි. 

ඇය වත්මන් කටාර් එමීර්වරයාගේ මාමණ්ඩිය වන 73 හැවිරිදි ප්‍රකෝටිපති අබ්දෙල් අසීස් බින් කාලීෆා අල් තානිගේ තුන්වැනි බිරිඳ විය. මත්ද්‍රව්‍ය අධිමාත්‍රාවක් ගැනීම හේතුවෙන් Marbella හි මහල් නිව‌සේදී ඇය මියගිය බවට සැක කෙරෙයි. ඇය පැරීසියේ 19 හැවිරිදි ශිෂ්‍යාවක්ව සිටියදී ඔවුන්ගේ වයස අවුරුදු 28ක පරතරයක්  තිබියදීත්  කුමාරයා සමඟ විවාහ වූ අතර ඔවුන්ට දියණියන් තිදෙනෙකු ලැබුණි.

නමුත් පසුව ඔවුන්ගේ ආදරය නරක අතට හැරුණු අතර දික්කසාද වීමට පෙර යුවළ 2007 දී බෙදී ගියහ. ඉන්පසු  KasiaGallanio ලෙස හඳුන්වනු ලැබූ හිටපු කුමරියට මුදල් ඉපයීම සඳහා ඇගේ ආභරණ පවා විකිණීමට විකිණිමට සිදුව තිබූ බව වාර්තාවේ.
මේ රාජකීය යුවළට 17 හැවිරිදි නිවුන් දරුවන් දෙදෙනෙකු සහ 15 හැවිරිදි දරුවෙකු සිටි අතර, ඒ තිදෙනාද ඔවුන්ගේ දෙමව්පියන් අතර ගැටුමට මැදිව අසරණව සිට ඇත. ඇයගේ හිටපු සැමියා තම දියණියන් තිදෙනාගෙන් එක් අයෙකුට ලිංගික අතවර කළ බවද ඇය ප්‍රකාශ කර තිබුණි. ඔහු ඒ චෝදනාව ප්‍රතික්ෂේප කළ අතර කුමරිය සහ දරුවන් නොතකා හැර ක්‍රියාකර තිබුණි. ඇය මෑතකදී දරුවන්ගේ භාරකාරත්වය පිළිබඳ පැවැරෑ වසර 15ක් පැරුණි නඩුවකින් පරාජය වූවාය. කුමරු නඩත්තු ගෙවීමටද අකමැති විය. මේ ගැටලුව  විසඳා ගැනීමට Kasia උත්සාහ කළ අතර, ඇගේ හිටපු සැමියාගෙන් &අනුකම්පාව* පෙන්වන ලෙස ඉල්ලා තිබුණි.  

ඇයගේ හදිසි මරණයට සති කිහිපයකට පෙර, පෝලන්ත සම්භවයක් ඇති නමුත් එක්සත් ජනපදයේ හැදී වැඩුණු කාසියා, ඇගේ කැළඹිලිකාරී පවුල් සම්බන්ධතාවය ගැන ප්‍රසිද්ධියේ මාධ්‍යයට  කතා කළාය. ඇය තම වර්තමාන ජීවිතය විස්තර කළේ තමන් &රන් කූඩුවක* ජීවත්වන ලෙසටය. ළමා ආධාර ගෙවීම ප්‍රතික්ෂේප කරන තම හිටපු සැමියාගෙන් නිදහසක් අපේක්ෂා කරන බවත් ඇය එහිදී කියා තිබුණි.

“මුදල් වැඩිනම්, ගැටලුත් වැඩියි. මුදල් ශාපයක් වන්නේ එය ඔබව බොහෝ මිනිසුන්ගෙන් හුදකලා කරන බැවිනි. ඒක වෙනම ලෝකයක්.” ඇය Women’s World වෙත මෙසේ පවසා තිබුණි. ඇගේ මරණය පිළිබඳ රහස ඒ වචන තුළ සැඟව තිබුණාද?