2022 ජුනි 05 වන ඉරිදා

දකුණු චීන මුහුදේ යෝධ යුද බලමුළුවක්!

 2022 ජුනි 05 වන ඉරිදා, පෙ.ව. 10:00 174

ලොව විශාලතම නාවික යුද අභ්‍යාසයේ 2022 වසරේ ක්‍රියාන්විතය වන “රිම් ඔෆ් ද පැසිෆික්” RIMPAC 2022 අභ්‍යාසය, සඳහා රටවල් පහකින් සමන්විත යෝධ යුද බලමුළුවක් එක්වන්නට නියමිතය.

ඉන්දියාව, ජපානය සහ ඕස්ට්‍රේලියාව ඇතුළු ක්වාඩ් කණ්ඩායමට අයත් සහ ලොවපුරා සිටින ප්‍රධාන එක්සත් ජනපද හවුල්කරුවන් මිලිටරි ආතතීන් සඳහා ලෝකයේ වඩාත්ම ප්‍රසිද්ධ දකුණු චීන මුහුදේ, මේ යුද අභ්‍යාසයට සහභාගී වනු ඇත‍. සමස්තයක් වශයෙන්, හොනලුලු සහ සන්දියාගෝ මූලික කරගෙන පැවැත්වෙන මේ යුද අභ්‍යාසයට ජූනි 29 සිට අගෝස්තු 4 දක්වා රටවල් 26ක හමුදා ඒකක සහභාගී වන අතර ඔවුන් අභ්‍යාස සඳහා මතුපිට නැව් 38ක්, සබ්මැරීන 4ක් සහ ගුවන් යානා 170ක් යොදවනු ඇත. එක්සත් ජනපද නාවික හමුදාවේ 3 වැනි බලඇණිය අඟහරැවාදා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ රටවල් නවයක හමුදා භට පිරිස්ද ඇතුළුව 25,000ක පමණ පිරිසක් සහභාගී වනු ඇති බවය.

''නිදහස් සහ විවෘත ඉන්දු - පැසිෆික් කලාපයක්'' යනු එක්සත් ජනපදයේ මන්ත්‍රයක් වී ඇත්තේ චීනය සිය හමුදා ගොඩනඟා ගනිමින් සහ කලාපය තුළ සිය පරාසය පුළුල් කරමින් සිටින අතර, දකුණු චීන මුහුදේ මිලිටරීකරණය කරන දූපත් සියල්ලම පාහේ එහි ස්වෛරී භූමිය ලෙස ප්‍රකාශ කිරීමත් සමගිනි.

චීනයට තරගකාරී හිමිකම් ඇති රටවල් තුනක් වන පිලිපීනය, මැලේසියාව සහ බෲනායිද මේ RIMPAC 2022 සඳහා සහභාගී වනු ඇත.

 

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00