2022 මැයි 29 වන ඉරිදා

ෂෙල් දණ ගැස්සූ වසර 13ක ගොවි සටන

 2022 මැයි 29 වන ඉරිදා, පෙ.ව. 10:00 193

ලෝප්‍රකට බහුජාතික සමාගමක් වන ෂෙල් තෙල් සමාගමේ අනුබද්ධ ආයතනයක් වසර ගණනාවක් නයිජීරියාවේ තෙල් කාන්දුවීම් සඳහා වගකීමෙන් ගැලවී සිටියේය. නමුත්  ගොවීන් හතර දෙනෙක් ඔවුන්ව උසාවියට ගෙන ගොස් නඩුවෙන් ජයගත්හ.

නයිජීරියානු පාරිසරික නීතීඥ චිමා විලියම්ස් දැවැන්ත තෙල් සමාගමක් වන Shell plc  ගොවීන් ඉදිරියේ දණ ගැස්සුවේය. ඒ ගොවීන් 4 දෙනා හා එක්ව සමාගමට එරෙහිව  වසර 13ක අඛණ්ඩ සටනක් කිරීමෙනි. මේ හටන අවසානයේ නයිජිරියානු ‌ගොවියන්ට වන්දි ලබාදීමට සමාගමට සිදුවිය. නිතීඥ විලියම්ස් හට ඉහළම පාරිසරික සම්මානයක් හිමිවිය.

ලෝ ප්‍රකට තෙල් සමාගමක් වන Shell Petroleum Development Company හි නයිජීරියාවේ අනුබද්ධ ආයතනයක් වන Shell plc දේශීය ගොවිබිම් විනාශ කළ තෙල් කාන්දුවීම් සඳහා වගකිව යුතු බවට හේග්හි අභියාචනාධිකරණයට විලියම්ස් සාර්ථකව ඒත්තු ගැන්වීය. නයිජීරියාවේ මෙම ෂෙල් සමාගමට  එරෙහිව නඩුව ගොනුකර තිබුණේ රටේ තෙල්වලින් පොහොසත්, නමුත් දුප්පත් ජනතාවක් වෙසෙන නයිජර් ඩෙල්ටා ප්‍රදේශයේ ගොයි සහ ඔරුමා ප්‍රජාවේ ගොවීන් හතර දෙනෙකු මූලිකත්වයෙනි. විදේශීය අනුබද්ධිත ආයතනයක් වන SPDC හි ක්‍රියාවන් සම්බන්ධයෙන් එහි මව් රට තුළ නඩු පවරන ලද ප්‍රථම අවස්ථාව වූ බැවින් එය පූර්වාදර්ශයක් විය.

හේග්හි අභියාචනාධිකරණය තෙල් කාන්දුවීම් සඳහා අදාළ ෂෙල් සමාගම වගකිව යුතු අතර, ගොවීන්ට වන්දි ගෙවීමට නියෝග කරන ලදී. එසේම දැඩි ලෙස පිරිසිදු කිරීමක් සිදුකර එයින් ප්‍රජාවන්ට සිදුවන හානිය වළක්වන ලෙස SPDC වෙත නියෝග කරන ලදී. මේ ජයග්‍රහණය නිසා ඉකුත් බදාදා නයිජීරියානු පාරිසරික නීතීඥ චිමා විලියම්ස් හට  ගෝල්ඩ්මන් පාරිසරික ත්‍යාගය පිරිනමන ලද්දේය. ඒ පාරිසරික හානිය සම්බන්ධයෙන් සමාගමට වගකීම පැවරීමේ ඔහුගේ කාර්යය වෙනුවෙන්ය.

ඔහු බිම් මට්ටමේ, පරිසර ක්‍රියාකාරීන්ට ගෞරව කිරීම සඳහා බදාදා උදෑසන ප්‍රකාශයට පත්කරන ලද කීර්තිමත් සම්මානයේ ගෝලීය ජයග්‍රාහකයින් හත් දෙනාගෙන් කෙනෙකි. මෙම ත්‍යාගය සෑම වසරකම The Goldman Environmental Foundation විසින් ප්‍රදානය කරනු ලබන අතර, San Francisco සහ Washington DC හි එහි උත්සව පවත්වයි.